රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩතහනම් කර තිබේ.
මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිල නිවසේ සඟවා තිබියදී ගංජා තොගයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධානාගාර ගත කෙරුණි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණවලට අනුව ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩතහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර මහතා ද මේ වන විට වැඩතහනමට ලක්කර තිබේ.










