අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ (04) සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත්වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසවසි.
නාවල ප්‍රදේයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
ප්‍රශ්නය – කාදිනල් හිමිපාණන් කියපු දේ ගැන පිළිතුර කොහොමද ? ඔබතුමා රෙදි ඇදගෙන ඉන්නේ ඇහුවා. මොකද ඔබතුමාට කියන්න තියෙන්නේ ඒ සම්බන්ධයෙන් ?
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා – මම හරිම කනගාටුවෙනවා උන්වහන්සේගේ ප්‍රකාශය ගැන.
මේ අතර අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ (04) සිදුකළ ප්‍රකාශය හරහා කාදිනල් හිමියන් දේශපාලනීකරණය වී ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
ප්‍රකාශය පිටුපස ඇති හස්තය කුමක්ද යන්න විමසිය යුතු බවත් මෙසේ ඉලක්ක කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලවේග බව මෛත්‍රීපාල සිරිසේන මහතාව ඉලක්ක කර මෙය සිදු කිරීම හරහා පැහැදිලි වන බවත් ඒ මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව ගමනක් යාමට සූදානම් වන විට මෙය සිදු වීම හරහා එය පැහැදිළි වන බවද ඒ මහතා පේනවා දේ.










