පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලදී සාක්ෂි ලබා දීම සදහා ඉකුත් යහපාලන ආණ්ඩුවේ සිටි ඉහළ පෙළේ දේශපාලඥයන් ඇතුලු ප්‍රභූ පුද්ගලයන් 14 දෙනකුට නොතීසි නිකුත් කිරීමට ජනාධිපති විමර්ශන කොමිසම කටයුතු කර ඇත.
ඒ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ද ඇතුළත්ය.
මීට අමතරව හිටපු ඇමැතිවරුන් රැසකටද මෙසේ නොතීසි නිකුත් කිරීමට කොමිසම පියවර ගෙන ඇත.










