ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන තීන්දුවක් ගත්තද තමන් පොහොට්ටුවට එක්වී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබා දෙන බවට නිමල් සිරිපාල මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි ලෙස කනගාටුවට පත්ව සිටින බව දැනගන්නට ඇත.
අද (30) උදෑසන පුවත්පත්වලින් මේ බව දැකීමෙන් අනතුරුව දයාසිරි ජයසේකර හා මහින්ද අමරවීර යන මහත්වරුන්ට කතාකර ඇති ජනාධිපතිවරයා දැඩි කනගාටුවෙන් යුතුව මේ පිළිබදව අදහස් දක්වා තිබේ.
පොහොට්ටුවට සහාය පළ කිරීම සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස තවමත් නිල තීන්දුවක් ගෙන නොතිබියදී ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා වන නිමල් සිරිපාල මහතා මෙවැනි ප්‍රකාශ ප්‍රසිද්ධියේ නිකුත් කිරීම ජනාධිපතිවරයාගේ මෙම කනස්සල්ලට හේතු වී තිබේ.
පොහොට්ටුව සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට නියමිතව ඇත්තේ අද (30) රාත්‍රී 7.30ට පැවැත්වෙන ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදීය.