හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම්වරයාට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.
ඒ අනුව අද පස්වරු 02.00ට ඔහු නීතිඥයෙකු මාර්ගයෙන් හෝ පෞද්ගලිකව කොමිසම හමුවේ පෙනී සිටිය යුතු බව දන්වා ඇත.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂි අසත්‍ය බව පවසමින් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබිණි.
ඊට විරෝධය පළ කරමින් හිටපු ආරක්ෂකවරයාගේ නීතිඥවරයා කියා සිටියේ මෙම නිවේදනය නිසා තම සේවාදායකයා තැති ගැන්මකට හා බියට පත්ව සිටින බවයි.










