හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා දේශපාලන වශයෙන් තම සන්ධානයට විශාල බරක්ව තිබු බවත් මේ වන විට ඒ මහතා තමන් සමඟ නොමැති බවත් නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික ඩිලාන් පෙරේරා මහතා පවසයි.
මෛත‍්‍රිපාල සිරිසේන මහතා තම සන්ධානය කඩා බිඳ දැමීම සඳහා ආණ්ඩුව සමඟ ඩීල් එකක් දමාගෙන ඇති බවටත් ඔහු චෝදනා කරයි.
ADVERTISEMENT
මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ නීතිය සහ සිවිල් නීතිය අතර වෙනස පවා නොදන්නා අයෙකු බවද ඩිලාන් පෙරේරා මහතා චෝදනා කරයි.
ඔහු මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්චාවකට එක්වෙමිනි.