• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ හදන්නේ දේශපාලන වැරැද්දක් කරන්න: ආණ්ඩුව ඇතුළෙන්ම ජනපතිට බරපතළ ලියුමක්

December 17, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
මේ හදන්නේ දේශපාලන වැරැද්දක් කරන්න: ආණ්ඩුව ඇතුළෙන්ම ජනපතිට බරපතළ ලියුමක්
Share on WhatsAppShare on Facebook

රටට නව ව්‍යවස්ථාවක් කඩිනමින් සම්මත කරන බවට ලබාදී ඇති පොරොන්දුව එසේම තිබියදී පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම මගින් ජනවරමේ අපේක්ෂා බිඳ වැටෙන බව ආණ්ඩුව බලයට ගෙන ඒම සදහා විශාල මෙහෙයක් සිදු කළ ජාතික සංවිධාන එකමුතුව පවසයි.

එහි කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු සියළු මහජන නියෝජිතයන් වෙත ලිපියක් යොමු කරමින් මේ බව පෙන්වා දී ඇත.

එම ලිපිය මෙසේය.

අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ
සියලුම මහජන නියෝජිතයන් වෙත,

ගෞරවණීය මහජන නියෝජිතයිනි,

රටට නව ව්‍යවස්ථාවක් කඩිනමින් සම්මතකරන බවට ලබාදී ඇති පොරොන්දුව එසේම තිබියදී පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම මගින් ජනවරමේ අපේක්ෂා බිඳ වැටෙන බව පෙන්වාදීම

පසුගියදා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන අවස්ථාවේදී ජනාධිපතිතුමා සහ ආණ්ඩුවේ සෙසු පාර්ශ්ව විසින් මහජනයාට සුවිශේෂි පොරෝන්දුවක් ලබාදුනි. ඒ ඉතා කඩිනමින් රටට සුදුසු නව ව්‍යවස්ථාක් සම්පාදනය කොට සම්මත කරන බවය. ඇත්ත වශයෙන්ම එම පොරොන්දුව ජනාධිපතිතුමා විසින් ජනාධිපතිවරණයට පෙර රටට ඉදිරිපත් කළ ප්‍රත්පත්ති ප්‍රකාශනය වූ සෞභාග්‍යයේ දැක්ම ලේඛනයේ සඳහන් වූ සුවිශේෂි දේශපාලන උපාය මාර්ගික ප්‍රවේශයකි. එදා ජනාධිපතිවරණයට පෙර 20වැනි සංශෝධනයක් පිළිබඳ යෝජනාවක් හෝ පොරොන්දුවක් ඉදිරිපත් නොවුනද නව ව්‍යවස්ථක් සම්මත කිරීමේ උවමනාව සෞභාග්‍යයේ දැක්ම තුළ ඉතා ප්‍රබල ලෙස අවධාරණය කෙරිණි.

ඒ නිසා පසුගිය නොවැම්බර් 16 වැනිදා මේ රටේ ඉරණම වෙනස් කළ ජනාධිපතිවරණ ජනවරම තුළ නව ව්‍යවස්ථාවක් පිළිබඳ අපේක්ෂාව ගැඹුරින් සටහන් වී ඇත. විශේෂයෙන්ම ජනාධිපතිවරණයේදී මෙන්ම ඊට පසුවද නව ව්‍යවස්ථාවට අදාළ සමාජ සංවාදය තුළ ශ්‍රී ලංකාවේ ඉරණම වෙනස් කරන බරපතළ උපායමාර්ගික යෝජනා ඉදිරිපත් විය. ඒ තුළ “එක් රටක් එක් නීතියක්” නැමති දාර්ශණික පදනමමට යටත්ව ඉස්ලාම් ආගමික අන්තවාදය සහ දෙමළ ඊළාම් බෙදුම්වාදය තීරණතාමකව දේශපාලන වශයෙන් පරාජය කිරීම සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිපාදන අවශ්‍ය බවට ප්‍රභල යෝජනා ඉදිරිපත්වේ. එහිදී බෙදුම්වාදයට ගොදුරු නොවන ආකාරයට පළාත් හෝ දිස්ත්‍රික් මට්ටමට පරිපාලන බලතල විමධ්‍යගත කිරීම සඳහා නව බලව්‍යුහයක් අවශ්‍ය බවට විවිධ යෝජනා ඉදිරිපත් වේ. එ බලව්‍යුහයේ හැඩතල නිර්මාණය වන්නේ නව ව්‍යවස්ථාවක් තුළිනි. ඒ නිසා එම නව ව්‍යුහය ස්ථාපිත කිරීමට පෙර පැරණි ව්‍යුහය ස්ථාපිත කිරීම සඳහ මැතිවරණයක් පැවැත්වීම කිසිසේත්ම සාදාරණීකරණය කළ නොහැක.

ඊට අමතරව පසුගිය වසර 03කට අධික කාලය තුළ රටපුරා පළාත් සභා නොමැතිව පළාත් මට්ටමේ පරිපාලන කටයුතු අර්බුදයකින් තොරව ක්‍රියාත්මක විය. ඊට අදාලව උතුරු නැගෙනහිර පළාත්වල ජනයාහෝ කිසිදු විරෝධයක් දක්වා නැත. ඒ වෙනුවට රජයේ අරමුදල් ඉතිරි වූ බවට රජයට ප්‍රසාදය ඵලකරන අවස්ථා දැකගත හැක. ඉන්දියාව විසින් ඉන්දු ෆැසිපික් කලාපීය උපාය මාර්ගික උවමනාවන්ට අනුව ශ්‍රී ලංකාව බෙදා වෙන්කිරීමේ දිර්ඝකාලීන අරමුණු සහිතව අප මත පැටවූ පළාත් සභා ක්‍රමමය නැමති විකෘති බල ව්‍යුහය රැකගත යුතුයැයි කිසිදු මහජන හඩක් පැනනැගී නැත. පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට සිහින් හඩින් හෝ මත ඵලකරන්නේ එම බලව්‍යුහය නොමැතිවීම නිසා වරප්‍රසාද අහිමිව ඇති පුද්ගලයින් විසින් බව පැහැදිලිව පෙනේ.

එවැනි තත්වයක් තුළ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමේදී පවතින පළාත් සභා බල ව්‍යුහය තුළ කුමක් හෝ වෙනස්කම් කිරීමට සිදුවේ.ඊට අදාළ මහජන මතය පළාත් සභා සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමේ සිට ව්‍යවස්තාදායක බලය නොමැතිව විදායක බලය පමණක් විමධ්‍යගත කිරීම ආදී වශයෙන් වන පුළුල් පරාසයක පැතිරී ඇත. ඒ අනුව පළාත් සභාව වෙනසකට භාජනය විය යුතු බවට ප්‍රභල මහජන අපේක්ෂාවක් තිබෙන තත්වයක් තුළ පැරණි බල ව්‍යුහුය නැවත පිහිටුවීම සඳහ මැතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුවේ සැබෑ අපේක්ෂා පිළිබඳව මහජනයා තුළ අවිශ්වාසයක් ජනිත වේ. එනම් නව ව්‍යවස්ථාවක් පිළිබඳව ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන පොරොන්දුව ව්‍යාජයක් බවට මහජන මතයක් ඇතිවීමට සාධාරණ ඉඩක් ඇත. එම තත්වය ආණ්ඩුවේ ප්‍රතිරූපයට සහ අනාගත පැවැත්මට අනර්ථකාරී වන බව කිව යුතු නැත.

ඒ නිසා දැන් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා ආණ්ඩුවට තිබෙන උවමනාව සහ නව ව්‍යවස්ථාවක් පිළිබඳ පොරොන්දුව අතර පවතින පරස්පරය නිවැරදි කළ යුතුය. එය නිවැරදි කළ හැක්කේ නව ව්‍යවස්තාව සම්මත කිරීමෙන් පසුව පළාත් බල ව්‍යුහයන්ට අදාළ මැතිවරණය පවත්වන බව සහ නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් සිදුකරන බව මහජනයාට විවෘතව ප්‍රකාශ කිරීම මගිනි. එසේ නොවන තත්වයක් තුළ ආණ්ඩුවට නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම සඳහා අවංක උවමනාවක් නොමැති බවට සහ බෙදුම්වාදීන් සහ ආගමික අන්තවාදීන් සමඟ ආණ්ඩුව දේශපාලන ඩීල් දමන බවට විවිධ පාර්ශ්ව වලින් එල්ල වන චෝදනා සනාථ වනු ඇත.

ඒ නිසා මහා සංඝරත්නය ප්‍රමුඛ මහජන විරෝධය මැද සුළු පිරිසකගේ උවමනාවන්ට අනුව පළාත්සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සහ ඒ මගින් නව ව්‍යවස්ථාවක් පිළිබඳ මහජන අපේක්ෂා බිඳ හෙලීම බලවත් දේශපාලන වරදක් බව ජනාධිපතිතුමා ප්‍රමුඛ සියලුම මහජන නියෝජිතයන්ට පෙන්වා දීමට කැමැත්තෙමු. ඒ ආකාරයට ආණ්ඩුව ජනවරමට පිටුපාමින් බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී කල්ලි කණ්ඩායම් සතුටු කිරීම සඳහා පළාත්සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට තීන්දු කරන්නේනම් ජාතික සංවිධාන ලෙස ඊට එරෙහිව අපගේ බරපතළ විරෝධය මෙසේ ප්‍රකාශ කරමු.

සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර
කැඳවුම්කරු
ජාතික සංවිධාන එකමුතුව

SendShareShare
Previous Post

‘ගම්පෙරළියේ නන්දා’ කොරෝනා එන්නත විදගනී

Next Post

අද කොරෝනා රෝගීන් 650ක්

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.