සිගරැට්වලට බදු නොගසා ඇතැම් දේශපාලඥයන් සහ නිලධාරීන් සිගරැට් සමාගම්වලින් මුදල් ලබා ගන්නා බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය.
සිගරැට්වලට නිවැරදි ලෙස බදු අය නොකිරීම නිසා රුපියල් බිලියන 68ක ආදායමක් රටට අහිමි වන බව ඒ මහතා පෙන්වා දුන්නේය.
සිය රජයක් යටතේ මේ වැරැද්ද නිවැරදි කරන බවද ඒ මහතා කීය.
කෙසේවෙතත් මෙම අනාවරණය මෙරට කිසිදු මාධ්‍යයකින් වාර්තා නොකිරීමද විශේෂ සිදුවීමකි.
නමුත් පසුගිය කාලය පුරාම සිගරැට් බදු වැඩි නොකොට සිදු කරන මෙම වංචාව පිළිබදව මව්රට අපි නිරතරුවම ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළෙමු.
අනුර කුමාර පාර්ලිමේන්තුවේදී කළ හෙළිදරව්ව!
ආර්ථික විශේෂඥ ආචාර්ය නිශාන් ඩි මෙල් කළ කතාව!
🧵 #2023අයවැයෙන්වත්
— Verité Research (@VeriteResearch) November 13, 2022
🚬 දුම්වැටි බදු මිල ඉහළ දැමිය යුතුය කියන කතාබහ නැවතත් ඇතිව තිබෙනවා. මේ 2019 මාර්තු මාසයේ දී, @NCdeMel ඒ ගැන කළ අදහස් දැක්වීමක්.
🔴 දුම්වැටි බදු සහ මිල සම්බන්ධයෙන් පවතින ගැටළුව @VeriteResearch ඇතුළු පර්යේෂණ ආයතන වසර ගණනාවක සිට පෙන්වා දෙන්නක්.#lka pic.twitter.com/G1pWRaVCRv