• About us
  • Contact us
Friday, July 3, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘මේකට කළු කෝට්කාරයෝ ඕන නෑ..!’ පොලිසියට ආ නීතිඥයකුට තර්ජනය කර බැන වැදුණු වැලිමඩ OICට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්! I Sri Lanka Latest News

July 3, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වෘත්තීය රාජකාරියක් සඳහා පොලිස් ස්ථානයකට පැමිණි නීතිඥවරයෙකුට ආක්‍රමණශීලී ලෙස හැසිරෙමින්, අපහාසාත්මක භාෂාවෙන් තර්ජනය කළ වැලිමඩ පොලිසියේ එවකට වැඩබලන ස්ථානාධිපති (OIC) පොලිස් පරීක්ෂක පෙරේරා නමැත්තා පුරවැසියෙකුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීන්දු කර තිබේ. Sri Lanka Latest News

සිද්ධියට මුහුණ දුන් නීතිඥ ආර්.එම්. සජිත් බණ්ඩාර විසින් වසර 10කට පෙර, එනම් 2016 වසරේදී ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් (FR) පෙත්සමක දීර්ඝ විභාගයකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

වසර 10කට පෙර වැලිමඩ පොලිසියේ සිදු වූ දේ

මෙම සිද්ධියට මුල් වී ඇත්තේ 2016 පෙබරවාරි 22 වැනිදා ලංකා විදුලිබල මණ්ඩලයට අයත් විදුලි කණු කිහිපයක් යුද හමුදා ලොරි රථයකින් පැමිණි පිරිසක් සොරකම් කිරීමේ සිදුවීමකි.

OIC කෝප වීම:

මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීමට පැමිණි හමුදා නිලධාරීන් පිරිසක් වෙනුවෙන් පෙත්සම්කාර නීතිඥවරයා එවකට වැලිමඩ වැඩබලන ස්ථානාධිපතිවරයා හමුවේ පෙනී සිට ඇත. එහිදී දැඩි කෝපයකින් සිටි පොලිස් පරීක්ෂකවරයා “මේකට කළු කෝට් කාරයෙක් ඕන නෑ” යනුවෙන් කෑගසා තිබේ.

තලගොයා සහ කබරගොයා කතාව:

මෙම හමුදා නිලධාරීන් සැකකරුවන් ද නැතහොත් ප්‍රකාශ සටහන් කරගැනීමට ආ අය දැයි නීතිඥවරයා විමසූ අවස්ථාවේදී, “මට ඕන නම් තලගොයා කබරගොයා කරන්නත් පුළුවන්, කබරගොයා තලගොයා කරන්නත් පුළුවන්” යනුවෙන් ස්ථානාධිපතිවරයා ආවේගශීලීව තර්ජනය කර ඇත. පසුව නීතිඥවරයා මේ පිළිබඳව නීතිඥ සංගමයට, නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් තිබුණි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නිරීක්ෂණ සහ නීතිමය ස්ථාවරය

පෙත්සම විභාග කළ අර්ජුණ ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු අර්ජුණ ඔබේසේකර පොලිසියේ බලතල සහ පුරවැසි අයිතීන් පිළිබඳව ඉතා වැදගත් නීතිමය කරුණු කිහිපයක් අවධාරණය කළේය.

බලපත්‍රයක් දී නැහැ:

නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට බලය ලබා දී ඇත්තේ මහජනතාව විසින් බවත්, මහජනයාගේ අයිතීන් අපයෝජනය කිරීමට කිසිදු පොලිස් නිලධාරියෙකුට රජයෙන් බලපත්‍රයක් ලැබී නොමැති බවත් තීන්දුවේ සඳහන් වේ.

අන්‍යෝන්‍ය ගෞරවය:
පොලිසියට පැමිණෙන ඕනෑම පුරවැසියෙකුට නිසි ගෞරවය හිමිවිය යුතුය. විශේෂයෙන්ම පොලිස් නිලධාරීන් නීතිඥවරුන්ට ආචාරශීලීව සැලකිය යුතු අතර, නීතිඥවරුන් ද ගෞරවනීය වෘත්තීය මට්ටමක් පවත්වා ගනිමින් දෙපාර්ශවය අතර අන්‍යෝන්‍ය ගෞරවය තහවුරු කළ යුතු බව අධිකරණය කියා සිටියේය.

අවසන් තීන්දුව

ඉදිරිපත් වූ සියලු සාක්ෂි විශ්ලේෂණය කිරීමේදී වගඋත්තරකාර පොලිස් පරීක්ෂකවරයා ආක්‍රමණශීලී ලෙස හැසිරෙමින් අපහාසාත්මක භාෂාවක් භාවිත කර ඇති බවත්, නීතිඥවරයාට ආචාරශීලීව සැලකීමට අපොහොසත් වී ඇති බවත් පෙත්සම්කරු විසින් සනාථ කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කළේය.

ඒ අනුව, පෙත්සම්කාර නීතිඥවරයාට නීතිය ඉදිරියේ ලැබිය යුතු සමාන සැලකීම අහිමි කිරීම තුළින් වගඋත්තරකාර පොලිස් පරීක්ෂකවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය මඟින් සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

මෙම නඩු විභාගය සඳහා පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු නීතිඥ මණ්ඩලයක් ද, වගඋත්තරකාර පොලිස් පරීක්ෂකවරයා වෙනුවෙන් නීතිඥ ජේකොබ් ජෝසෆ් ද පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඉඳුනි පුංචිහේවා පෙනී සිටියාය.

SendShareShare
Previous Post

තවමත් සාධාරණය ඉටුවී නෑ! හිංසනයට ලක්වූ ළමයින් 46000ක් වෙනුවෙන් විපක්ෂනායක සජිත් අලුත් සටනක් අරඹයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

අල්ලස් කේස් එකට විජයදාසගේ පුත් නීතීඥ රඛිතයි චරිත් අබේසිංහයි උසාවියට අරන් එයි! I Sri Lanka Latest News

MORE NEWS

පුතා ඇතුළට ගත්තට පස්සේ විජයදාසගේ සුවදුක් බලන්න රනිල් සජබ මන්ත්‍රී කාවින්දත් එක්ක විජයදාසගේ ගෙදරටම ගිහින්! I Sri Lanka Latest News
Exclusive

පුතා ඇතුළට ගත්තට පස්සේ විජයදාසගේ සුවදුක් බලන්න රනිල් සජබ මන්ත්‍රී කාවින්දත් එක්ක විජයදාසගේ ගෙදරටම ගිහින්! I Sri Lanka Latest News

වයඹ ආණ්ඩුකාර-හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අමෙරිකාවට ඇතුලුවීම තහනම් කරයි! චෝදනාව මානව හිමිකම් උල්ලංඝනය කිරීම! බිරිඳ ශ්‍රීමතීටත් එන්න බෑ!
Exclusive

යෝෂිතව නාවික හමුදාවට බඳවා ගත්තාට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසමෙන් අල්ලයි! VIDEO I Sri Lanka Latest News

විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News
Exclusive

අල්ලස් කේස් එකට විජයදාසගේ පුත් නීතීඥ රඛිතයි චරිත් අබේසිංහයි උසාවියට අරන් එයි! I Sri Lanka Latest News

ඔන්න පුතෝ ගොවියො පාරට බැස්සා…! ‘ලාල්කාන්තට’ ‘නාමල් කරුණාරත්නට’ හන්දිය මැද්දේ බිම දාගෙන ගුටි දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔන්න පුතෝ ගොවියො පාරට බැස්සා…! ‘ලාල්කාන්තට’ ‘නාමල් කරුණාරත්නට’ හන්දිය මැද්දේ බිම දාගෙන ගුටි දෙයි! VIDEO I Sri Lanka Latest News

රජ පුටුවට යන්න පුළුවන් ඉහළ කුලයෙ ගොවීන්ට විතරයි කියලා ගොවියො පච කරන්න ගිය ඇමැති නලින්දට ගොවියෝ රොබට් නොක්ස් ගැන පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රජ පුටුවට යන්න පුළුවන් ඉහළ කුලයෙ ගොවීන්ට විතරයි කියලා ගොවියො පච කරන්න ගිය ඇමැති නලින්දට ගොවියෝ රොබට් නොක්ස් ගැන පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවට මාලිමාවේ පාතාලයෝ ඇවිත්? VIDEO I Sri Lanka Latest News
Exclusive

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවට මාලිමාවේ පාතාලයෝ ඇවිත්? VIDEO I Sri Lanka Latest News

Load More
පුතා ඇතුළට ගත්තට පස්සේ විජයදාසගේ සුවදුක් බලන්න රනිල් සජබ මන්ත්‍රී කාවින්දත් එක්ක විජයදාසගේ ගෙදරටම ගිහින්! I Sri Lanka Latest News
Exclusive

පුතා ඇතුළට ගත්තට පස්සේ විජයදාසගේ සුවදුක් බලන්න රනිල් සජබ මන්ත්‍රී කාවින්දත් එක්ක විජයදාසගේ ගෙදරටම ගිහින්! I Sri Lanka Latest News

හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සදහා පසුගිය දිනෙක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගොස් ඇති බව වාර්තා...

Read more
වයඹ ආණ්ඩුකාර-හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අමෙරිකාවට ඇතුලුවීම තහනම් කරයි! චෝදනාව මානව හිමිකම් උල්ලංඝනය කිරීම! බිරිඳ ශ්‍රීමතීටත් එන්න බෑ!

යෝෂිතව නාවික හමුදාවට බඳවා ගත්තාට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසමෙන් අල්ලයි! VIDEO I Sri Lanka Latest News

විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News

අල්ලස් කේස් එකට විජයදාසගේ පුත් නීතීඥ රඛිතයි චරිත් අබේසිංහයි උසාවියට අරන් එයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

‘මේකට කළු කෝට්කාරයෝ ඕන නෑ..!’ පොලිසියට ආ නීතිඥයකුට තර්ජනය කර බැන වැදුණු වැලිමඩ OICට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්! I Sri Lanka Latest News

තවමත් සාධාරණය ඉටුවී නෑ! හිංසනයට ලක්වූ ළමයින් 46000ක් වෙනුවෙන් විපක්ෂනායක සජිත් අලුත් සටනක් අරඹයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තවමත් සාධාරණය ඉටුවී නෑ! හිංසනයට ලක්වූ ළමයින් 46000ක් වෙනුවෙන් විපක්ෂනායක සජිත් අලුත් සටනක් අරඹයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.