මෙපමණ අර්බූදයකට පක්ෂය පත්ව සිටියදීත් පොහොට්ටුව තවමත් ගමන් කරන්නේ පරණ පාරේම බවට එම පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි කලකිරීමකින් යුතුව අදහස් දක්වා ඇති බව වාර්තා වේ.
පසුගිය දිනෙක පොහොට්ටුවේ තරුණ මන්ත්‍රිවරුන් අතර පැවැති සාකච්ඡාවකදී ඔවුන් විවෘත අදහස් දැක්වීමක නිරත වී ඇති අතර එහිදී බහුතරයක් මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ පසුගිය කාලයේදී සිදුවූ ඇතැම් සිදුවීම්වලින් හෝ පොහොට්ටුවේ ප්‍රබලයන් පාඩම් ඉගෙනගෙන නොමැති බවකි.
මේ අයුරින් ඉදිරියටත් කටයුතු කළහොත් පොහොට්ටුවට අනාගතයක් නොමැති බවත්, එසේ වන්නේ නම් තමන්ටද තීන්දුවක් ගැනීමට සිදුවනු ඇති බවත් එහිදී තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම දැඩිව අදහස් පළ කොට ඇති බවක්ද දැනගන්නට ඇත.