• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

මේ එන්නේ පස්වැනි මහින්ද රජුගේ සාගතයමද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

November 27, 2021
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
මේ එන්නේ පස්වැනි මහින්ද රජුගේ සාගතයමද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

මහින්ද 2005 ජනාධිපතිවරණයට එන විට මහින්දව කරේ තියාගෙන ගිය මංගලලා, ජවිපෙ සහ හෙළ උරුමය කීවේ මේ එන්නේ රාජ වංශයේ හයවැනි මහින්ද කියාය. මහින්දගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රධාන තේමාවක් වූයේත් මේ හයවැනි මහින්දගේ කතාවය. හැබැයි මේ කවුරුත් මෙරට රජකම් කළ පස්වැනි මහින්ද කවුද කියා දැන සිටියේ නැත.

‘කවුද මේ පස්වැනි මහින්ද…?’

පස්වැනි මහින්ද පස්වැනි සේන රජුගේ සහෝදරයාය. ඔහු රජකමට පත් වූයේ අවාසනාවන්ත කාලයකය. ඔහු රාජ ධර්මයට පිටුපා රජ කළ බව මහාවංශයේ සඳහන් වේ. මේ නිසාම රට වැසියෝ අය බදු ගෙවීම පැහැරහැරිය බවද මහාවංශයේ සඳහන් වේ. රටවැසියා අය බදු නොගෙවීමෙන් රාජ්‍ය තන්ත්‍රයම අවුල් ජාලයක් විය. රජුගේ සේවකයන්ට රජුගේ හමුදාවට පඩිනඩි ගෙවීම නතර විය. තමන්ට කන්න වැටුප් නොදෙනවා නම් රජුට කන්න නොදෙනවා යැයි කියා හමුදාව රජුට එරෙහිව කැරැලි ගැසූහ. ආහාර නිෂ්පාදනය මුළුමනින්ම ඇදවැටිණි. රට වැසියෝ දුප්පත්කමේ අන්තයටම ගියහ. රටේ තැනින් තැන සාගත බියෙන් කැරැලි කෝලාහල ඇතිවිය. බයවූ රජු රුහුණට පලාගියේය. මේ වන විට ඉන්දියාවේ සොළී රටින් වෙළෙන්දන් ලංකාවට යමින් එමින් තිබිණි. මෙලෙස පැමිණි අශ්ව වෙළෙන්දෙක් ලංකාවෙ තත්ත්වය සොළී රජුට දැන්වීය.

ලක්දිව අල්ලාගන්න හොඳම අවස්ථාව මෙය යැයි සිතූ සොළී රජු වහාම ලංකාවට යුද සේනාවක් යැවීය. ඔවුන් කෙළින්ම ගියේ රුහුණටය. රාජධානියේ හමුදාවෙන් සහ රට වැසියන්ගෙන් කරදර වේ යැයි සිතා රුහුණේ සැඟවී සිටි මහින්ද රජුට සොළී හමුදාව පණිවුඩයක් යැවීය. එනම් රජුට රජකම ආරක්ෂා කරගැනීමට උදව් කිරීම සඳහා ගිවිසුමක් අස්සන් කරන්න සොළී රජු කැමැත්තෙන් සිටින බවය. මහින්ද රජු ලණුව කෑවේය. සැඟවී සිටි තැනින් එළියට ආවේය. සොළී හමුදාව රජුගේ වස්තුව පැහැරගෙන හිරකාරයෙක් මෙන් රජුව සොළී රටට ගෙන ගියේය. සොළීහු ලංකාව මංකොල්ල කමින් රට පාලනය කළහ. මහින්ද රජු සොළී රටේදී හිරකාරයෙක් ලෙස මියගියේය.
මේ පස්වැනි මහින්දගේ කතා වස්තුවය.

එකල මංගලලා, ජවිපෙ සහ හෙළ උරුමය මහින්දව රාජාභිෂේක කළේ මේ පස්වැනි මහින්දගේ අනුප්‍රාප්තිකයා ලෙසය. හැබැයි මහින්දගේ කාලයේ මිනිස්සු අයබදු ගෙවීම පැහැරහැරියේ නැත. රජයේ සේවකයන්ට සහ හමුදාවට වැටුප් අහිමි වූයේත් නැත. හැබැයි හමුදා කැරැල්ලක් ආවේය. ඒ, යුද්ධයට නායකත්වය දුන් ජෙනරල් ෆොන්සේකා මහින්දට අභියෝග කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් සමගය. එම ජනාධිපතිවරණයෙන් ජයගත් මහින්ද උසස් හමුදා නිලධාරීන් ඇතැමෙක් අනිවාර්ය නිවාඩු යවමින් තවත් උසස් නිලධාරීන් පිරිසක් හිරේට යවමින් 1962 හමුදා කුමන්ත්‍රණයට පසු සිදු කළ විශාලතම හමුදා ප්‍රතිසංවිධානය කළේය. ජෙනරල් සරත් ෆොන්සේකාවද හිරේට දැම්මේය.

මහින්ද එලෙස ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී කැරැල්ලට සාර්ථකව මුහුණ දුන්නත් ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කළ නොහැකි විය. එයට හේතුව ආදායමක් උපයාගත නොහැකි චීන ණය මත ආරම්භ කරපු ව්‍යාපෘතිය. එකක් නම් හම්බන්තොට වරායය. අනෙක මත්තල ගුවන් තොටුපොළය. තෙවැන්න රට පුරා පටන්ගත් මාර්ග ව්‍යාපෘතිය. 2010 යුද්ධය අවසන් වන විට ලංකාව හිටියේ ආර්ථික වශයෙන් නට්ටං වෙලාය. යුද්ධ කරන්න ආයුධ මිලදී ගන්න වියදම් කළ සල්ලි හොයාගෙන තිබුණේ ණය වීමෙනි. අනෙක යුද්ධයෙන් පසු අතිවිශාල හමුදාවක් ඉහළ වැටුප් ගෙවා නඩත්තු කළ යුතු විය. මහින්දගේ ආණ්ඩුව මේ ආරක්ෂක වැය කළමනාකරණය කළ යුතු ආකාරය සිතුවේත් නැත. ඒ වෙනුවට ආණ්ඩුව අධික පොලියට චීනයෙන් ණය ගෙන ලාභ උපයාගත නොහැකි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිවලට වියදම් කළේය. මෙම ව්‍යාපෘති බොහොමයක් අන්ත දූෂිත විය. කොමිස් කුට්ටි අහස උසට පියාසර කෙරුණි. රජය අතිසුඛෝපභෝගී ලෙස වියපැහැදම් කළහ. මහින්දගේ ආණ්ඩුවේ ඇස් ඇරුණේ 2014දී චීන සහ අධික පොලියට විදේශ රාජ්‍ය නොවන ආයතනවලින් ගත් ණයට පොලිය ගෙවන සහන කාලය ඉකුත් වෙන්න ඔන්න මෙන්න කියා තිබියදීය.

චීනයෙන් සහ මෙලෙස විදේශ රාජ්‍ය නොවන ආයතනවලින් ණය ගෙන කාබී ප්‍රීති වූ ආණ්ඩුවේ තොල කට වේළෙන්න පටන් ගත්තේ මේ ණයට පොලිය ගෙවන සහන කාලය අවසන් වන විටදීය. දැන් ජනතාවට පටි තද කරගන්න කියා කියන්න සිදුවෙන බව ආණ්ඩුව දැන සිටියේය. හේතුව ආණ්ඩුවේ අපිරිසිදු මානව හිමිකම් වාර්තාව නිසා ලොව කිසිදු ධනවත් රටක් ලංකාවට ණය දීම ප්‍රතික්ෂේප කිරීම නිසාය. ජනතාවට බඩ පටි තදකරගන්න කියන්න කලින් ජනාධිපතිවරණයකට යන්න ආණ්ඩුව තීරණය කළේය. ජනාධිපතිවරණයට යන මේ තීන්දුව ගත්තේ රාජකීය දෛවඥයා වූ සුමනදාසගෙන් බව කීවත් මේ උපදෙස දුන්නේ ආණ්ඩුවෙ අර්ථිකයේ මහමොළකරු වූ පී.බී. ජයසුන්දර බව පසුව හෙළි විය. ඔහු දුන්නේ වැරැදි උපදෙසක් නොවේ. නිසි කලට ජනාධිපතිවරණය පැවැත්වීමට තිබුණේ 2016න් පසුවය. ජනතාවගේ බඩ පටි තදකර ඡන්දයට ගියානම් මහින්දත් රාජපක්ෂවරුත් ඉවර වෙන්නේ පරාජය වූවාට පසු එල්ලෙන්න ජනේලයක් හොයාගත නොහැකි ලෙසය.

‘හොඳයි 2015 මහින්ද දින්නා නම්…’

2015 මහින්ද දින්නා නම් සිදුවන්නේ අද සිදුවෙමින් පවතින දෙයමය. අද සිදුවන්නේ පස්වැනි මහින්දගේ කාලයේ සිදුවුණු දෙයමය. 2015දී චීන වන්දනාවේ යන රාජපක්ෂලා පරද්දන්න ඇමෙරිකාව සහ ඉන්දියාව පොදු අපේක්ෂකයන් තෝරද්දී 2015 ජනාධිපතිවරණය මහින්දට දිනන්න ඉඩ දෙන්න යැයි කියපු දේශපාලන ඔස්තාර්ලා සිටියහ.

‘මහින්දවත්, රාජපක්ෂලාවත් ඉවර කරලා ශක්තිමත් යූ.ඇන්.පී. ආණ්ඩුවක් ගේන්න නම් 2015ත් මහින්දටම දෙන්න ඕනා. එතකොට මහින්දව පරද්දන්න ඇමෙරිකාව, ඉන්දියාව ඕනෙ නැහැ. මිනිස්සු පාරට ඇවිත් ඒක කරයි…’

මේ, 2015 ඒමට නියමිත ආර්ථික අහේනිය ගැන සාස්තරේ කියපු දේශපාලන ඔස්තාර්ලා කියපු කතාවය. ඒත් ඇමෙරිකාවට ඉන්දියාවට ඉවසීම නැති විය. චන්ද්‍රිකාලාට මංගලලාට රාජපක්ෂලාගෙන් ශ්‍රීලනිපය ඩැහැගන්න ඉවසුම් නැති විය. මෛත්‍රී පොදු අපේක්ෂක විය. මහින්ද පරාජය විය. 2015 මහින්දව පරාජය කළේ මිනිස්සු නොවේ. ඇමෙරිකාව ඉන්දියාව සහ සුළු ජාතික පක්ෂය. පැරැදුණාට පසු මැදමුලන ජනේලයේ එල්ලිලා ‘මම සිංහල ඡන්දවලින් පැරදුණේ නැහැ’ යැයි මහින්ද උජාරු කතාවක් කළේ මහින්දව මිනිස්සු පරාජය නොකළ නිසාය. ඇත්තටම 2015 මහින්දත් රාජපක්ෂලාත් බේරුණි. ඔවුන් 2019 යළි බලයට එන්නේ ඒ බේරුණු බේරිල්ල නිසාය.

ඒත් ඕනෑම නායකයකුගේ ඕනෑම නායක පවුලකගේ ආරම්භයක් සේම අවසානයක් තිබේ. මහින්දත් රාජපක්ෂලාත් ඉවර වෙන්න තිබුණේ 2019දීය. හැබැයි ඒ අවසානය ප්‍රමාද වී පැමිණ තිබේ. අද මේ ආණ්ඩුව හරියට පස්වැනි මහින්දගේ රාජ්‍ය වගේය. එදා සොළීන් පස්වැනි මහින්දට රාජ්‍ය රැකගන්න උදව් කරන්නම් කියා ආවා සේ අද ඩොලර් දෙන්නම් කියා ලොව බලවත් රටවල් ලංකාවේ විදුලිය තෙල් බලය සියතට ගැනීමට ගේම් ගසමින් සිටී.

‘මම නම් හිතන් නැහැ ආයෙ මිනිස්සු විජේදාස රාජපක්ෂටවත් ඡන්දය දෙයි කියලා…’

මේ ත්‍රිරෝද රථ රියැදුරෙක් කී කතාවකි.

‘ඇයි ඒ, ඒ මිනිහා මොනව කරන්නද? ඇමැතියෙක්වත් නෙවෙයිනේ…?’

මගියා උත්තර දුන්නේය.

‘නෑ සර් අපේ මිනිස්සු රාජපක්ෂ නම තියෙන කෙනකුටවත් ඡන්දෙ දෙයිද දන්නෙ නැහැ…’

මේ රියැදුරා විහිළුවට වගේ කිව්ව කතාවය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අනාගතය ගැන සිතා බැනුම් අහන්න ජනපති සූදානම් වෙයි!

Next Post

පත්තර ගෙදර විප්ලවකාරයා!

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.