• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

“මේක අපායක්….” – මෛත්‍රීපාල සිරිසේන! Sri Lanka Latest News

September 20, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
මේ මොන කරුමයක්ද මගෙ පස්සෙන් එලවන්නේ? එලවපල්ලකො බෝම්බ ගහපු එවුන්ගෙ පස්සේ !කාදිනල් උන්නාන්සේ මේ මාව හිරේට දාලා ලොකු පාපකර්මයක් කරගන්නයි යන්නේ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපතිවරයකු ලෙස තමන් වෙනුවෙන් 2024 වසරේ රුපියල් කෝටියකට අධික මුදලක් වියදම් කර ඇති බවට නිකුත් කළ සංඛ්‍යාලේඛන සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. හිරු ප්‍රවෘත්ති සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ තමන් කොළඹ නගරයේ වෙනත් නිවසකට ළඟදීම පදිංචියට යන බවයි.Sri Lanka Latest News

ප්‍රශ්නය
මහින්ද රාජපක්ෂ මහත්මයා නම් පනත සම්මත වෙලා එක පැයක්වත් හිටියේ නෑ, එතුමා ගියා ගෙදර. නමුත් ඔබතුමා තාමත් මේ ගෙදර ඉන්නේ?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

එතුමා ගියේ තංගල්ලටනේ. මමත් ගෙයක් හොයාගත්තා. දැන් ඒ ගේ අලුත්වැඩියා කරගෙන යනවා. තව දවස් කීපයකින් අපි මේ ගෙයින් යනවා.
ප්‍රශ්නය
ඒ තරම් කාලයක් ඔබතුමාට ඉන්න පුළුවන්ද? ඒ කියන්නේ දින ඉල්ලගෙන ඉන්න පුළුවන්ද?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

තව දවස් දෙක තුනක් ඉතින් ඉන්න මම හිතන්නේ නෑ කරදරයක් වෙයි කියලා රජයේ පැත්තෙන්. ඉතින් යනවා. දැනටත් බඩු ඇදලා තියෙනවා.
ප්‍රශ්නය
ඔබතුමා යන්නේ පොළොන්නරුවටද? එහෙම නැත්නම් ඔබතුමා කොළඹම නතර වෙනවද?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

කොළඹ තමයි නතර වෙන්න බලාපොරොත්තු වෙන්නේ. පොළොන්නරුවට තමා මගේ ආසාව සහ පොළොන්නරුවේ සිටීම තමා බලාපොරොත්තුව.
ප්‍රශ්නය
ඔබතුමා ජනාධිපති වුණාමත් අපට මතකයි ඔබතුමා කිව්වා රට පාලනය කරන්නේ පොළොන්නරුවේ ඉඳන් කියලා?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

පොළොන්නරුවේ ඉඳලත් රට පාලනය කෙරුවා මම ජනාධිපති කාලේ. අර විදියේ පනතින් අපිට ඉන්න දුන්නාම අපි හිටියා. මේ ආණ්ඩුව ඇවිල්ලා දැන් යන්න කිව්වම අපි ඉතින් යනවා ඉතින්.
ප්‍රශ්නය
මේ ආණ්ඩුව මේ තීරණය ගත්තේ ඇයි ඔබ හිතන විදිහට?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

වපුරන විදිහටනේ අස්වැන්න එන්නේ ඉතින්.
ප්‍රශ්නය
ඔබතුමා කියන්නේ ජනතාව සතුටින් නොවෙයි ඉන්නේ කියන එකද?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

ඉස්සර රජවරු ඉන්නකොට රෑට ගෙවල්වල පිටිපස්සෙන් ගිහිල්ලා හොරෙන් අහගෙන ඉන්නවලුනේ ගෙදර ඉන්න අය මොනවද කතා කරන්නේ කියලා, රටේ පාලනය ගැන, රාජතුමා ගැන මොකද කියන්නේ කියලා. මේ ආණ්ඩුවටත් ඕනෙ නම් එහෙම ගිහිල්ලා අහගෙන ඉන්න පුළුවන් ගෙවල්වල මිනිස්සුන්ගේ දොර ජනෙල් ගාව ගිහිල්ලා මොනවද කතා කරන්නේ කියලා. එතකොට එයාලට දැනගත හැකියි මිනිස්සු ආණ්ඩුව හොඳයි කියනවද, නරකයි කියනවද කියලා.
ප්‍රශ්නය
ඔබතුමා ඔය හිනා වුණාට මේ ගෙදර අතහැරලා යාම පිළිබඳ දුකක් තිබෙනවද?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

නෑ නෑ. මට කිසිම දුකක් නෑ. කිසි සැපක් ඇති ගෙයක් නෙවෙයි මේක.
ප්‍රශ්නය
එහෙනම් මෙච්චර කල් හිටියේ ඇයි?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

ඉතින් හිටියේ ඉන්න තැනක් නැති හින්දනේ.
ප්‍රශ්නය
ඔබතුමාගේ සහෝදරයා මේ රටේ ධනවත් ව්‍යාපාරිකයෙක්නේ. එතුමාවත් ඔබට පිහිටක් වෙන්නේ නැද්ද?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

ඒක ඔයාලා සහෝදරයාගෙන් අහන්න. ඒක මගෙන් අහලා හරියන්නේ නෑනේ ඉතින්. මේකේ ඉන්න බෑ. මේක අපාය වගේ. මාව හිටපු ගෙයින් වුණත් එළියට දානකොට කෝටි 800යි කිව්වා. දැන් ඒක අමු කැලෑව වැවිලා තියෙන්නේ. කෝටි 800ක් තියා දැන් කෝටි 8ක් වටින්නේ නෑ ඒ ගේ. ඉතින් ගෙවල් දෙකක් එකතු කරලා තියෙනවා විජේතුංග ජනාධිපතිතුමා. අන්තිමට මගේ පිටින් තමයි ගියේ මේ ගෙවල් තුනක් මම එකතු කරලයි කියලා.
ප්‍රශ්නය
ඒ කියන්නේ මේ ආණ්ඩුව ගෙවල් අරගෙන ඒවා කැලෑ වෙන්න අරිනවා කියලද කියන්නේ?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

මගේ මේ දකුණු පැත්තේ දයාසිරි ජයසේකර මහත්තයා හිටියා. නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහත්තයා හිටියා. ඊට එහා ගෙයි දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමා හිටියා. වම් පැත්තේ ගෙයි හේමා ප්‍රේමදාස නෝනා විශාල ගෙයක් තියෙනවා. මේ ගෙවල් ඔක්කොම වහලා තියෙන්නේ. දැන් අපිට පේනවා වඳුරෝ, රිළවු නගිනවා, වැල් නැගලා තියෙනවා. රිළවු උඩට ගිහිල්ලා උළු ගලවනවා, වහිනකොට ගෙවල් ඇතුළේ තෙමෙනවා. ඒ විදිහට ගෙවල් 100ක් විතර ඇති. ඉතින් මේ ගේත් ඒ ගානට එකතු වෙයි ඉතින්.
ප්‍රශ්නය
නිදන කාමර එහෙම නැද්ද?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

නිදන කාමර දෙකක් තියෙනවා. මගේ ළමයි තුන්දෙනෙක් ඉන්නවා. තුන්දෙනාගෙන් දෙන්නෙක් එක දවසේ ආවොත් හවසට ඉන්න තැනක් නෑ.
ප්‍රශ්නය
එහෙනම් මේ ගේ අහිමි වෙන එකමයි හොඳ?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

අයියෝ ඉතින් මේවා රජයේ දේවල්නේ ඉතින්.
ප්‍රශ්නය
2024 දී එක්කෝටි පනස්හත් ලක්ෂයක් විතර අවුරුද්දකට ඔබතුමාට වියදම් කරලා තියෙනවා මේ රජය. ඒ කියන්නේ මේ රටේ ජනතාවගේ මුදල්. ඕක අපි මාසෙකට බැලුවොත් හිටපු ජනාධිපතිතුමනි, ලක්ෂ 14ක් විතර ඔබතුමාව නඩත්තු කරන්න වියදම් කරලා තියෙනවා?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

ඔය කියන සංඛ්‍යාලේඛන සත පහකට මම ගණන් ගන්නේ නෑ. ඕවා පට්ටපල් බොරු. ඔය පොලිසියේ ඉන්න 57 මම ගාව හිටියත්, පොලිස් දෙපාර්තමේන්තුවේ හිටියත් ඒගොල්ලන්ට පඩි ගෙවනවනේ. ඉතින් ඕවානේ මේ ගණන් හදන්නේ.
ප්‍රශ්නය
ඒ ඔක්කොම එකතු කරලා තමයි ඔබතුමාගේ එකවුන්ට් එකට දාන්නේ?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

දාන්නේ ඉතින් ඔක්කොමනේ. ලෝකයේ රටවල්වල හිටපු ජනාධිපතිවරුන්ට තියෙන සැලකිලි හොයලා බලන්නකෝ කොහොමද කියලා. ජනාධිපතිවරයෙක් තමාගේ නිල කාලය තුළ බරපතළ තීන්දු තීරණ ගන්නවා. පාතාලයේ ඉන්න අය ඔක්කොම මගේ වෛරක්කාරයෝ බවට පත්වෙනවා. මාකඳුරේ මධුෂ් ගෙනාවේ මම. මාකඳුරේ මධුෂ් ගෙනල්ලා මැරුවේ නැහැ. හැබැයි ඊට පස්සේ ආපු ජනාධිපතිතුමාගේ කාලය තුළ කවුද හිටපු පොලිස්පති කෙනෙක් ඔය දහයක් පහළොවක් හිර ගෙදර ඉන්න අය එළියට අරගෙන ඔන්න දිව්වා, දිව්වා, පැන්නා, ගඟට පැන්නා කිය කිය සෑහෙන පිරිසක් ඉවර කෙරුවා ඉතින්.
ප්‍රශ්නය
දැන් ජීවත් වෙන්නේ එතකොට විශ්‍රාම වැටුපෙන් විතරමද?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

දැන් ජීවත් වෙන්නේ විශ්‍රාම වැටුපෙන්, මට වෙන කිසිම ආදායමක් නෑ.
ප්‍රශ්නය
ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත සම්මත කරන වෙලාවේ ඒකට විරුද්ධව ඡන්දේ දුන්නේ චාමර සම්පත් මන්ත්‍රීතුමා විතරයි. නිදහස් පක්ෂයේ මේ මන්ත්‍රීවරුත් ඡන්දය පාවිච්චි කළේ නැහැනේ?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

ඒවා පක්ෂ විදිහට ගන්න තීන්දු තීරණ.
ප්‍රශ්නය
ඔබ ගැන කල්පනා කළොත්, ඔබගේ දේශපාලන ඉදිරි වැඩපිළිවෙළ කොයි වගේද?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

මම ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනිහෙක්නේ. මේ පාට තමා මම, මැරෙනකම්.
ප්‍රශ්නය
ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වෙනවද කියලා මම අහන්නේ?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

හරි යහපත් පිරිසක් හිටියොත්, හොරකම, දූෂණය, වංචාව නැති, ඒ අයට මට සහයෝගය දෙන්න පුළුවන්. මම තනතුරු ගන්නේ නෑ. මම ආයේ තරග කරන්නේ නෑ කිසි ඡන්දෙකට.
ප්‍රශ්නය
තරග කරන්නේ නැහැ?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

නෑ. මට හොඳටම ඇතිනේ. අවුරුදු 35ක් පාර්ලිමේන්තු ඉඳලා, ජනාධිපති වෙලා, ආයේ ඊට වඩා වෙන කොහෙද යන්නේ? මට ඊළඟට යන්න තියෙන්නේ නිවනට තමයි.

“චිංචිමානවිකාව නං රූපෙන් අගතැන් දෝනිව
නින්දා කරනට ආවලු දවසක් සම්බුදු මෑණිට
දර මිටියක් බඩ බැඳගෙන ඇඟපත කරගෙන සුදු මැළි
නෙරවා එය පෙරට ටිකක් ගාමින් ඉඳ හිට කෙඳිරිලි
ඉතින් මදෑ දම් දෙසුවා එන්නකො දැන් ගෙදර යන්න
නාවොත් හෙම ඉදිරියට වෙයි වැඩ ගොඩක් වෙන්න
ලක්ෂ ගණන් සේනාවගෙ නෙත එවලේ එහි ගැටුණා
බක්මහ ගැහු අකුණු වගේ දර ටික හඬ දී වැටුණා
ඕකිව අද මරව් කියා සමහරු ඉදිරියට පැන්නේ
වාරුව ඇති සුගත් පියා නැහැ ඒවට ඉඩ දුන්නේ
එච්චරයි, ආයුබෝවන්….…”

Hiru News

SendShareShare
Previous Post

79 වන එජාප සංවත්සරයේදී සජබ නායක-විපක්ෂනායක සජිත්ගේ ප්‍රකාශය සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සිරිකොතේදී නිවේදනය කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

වසන්ත මෙච්චර සල්ලි හෙව්වේ කොහොමද? පවුලෙන් හම්බවුණාද? දේශපාලනයෙන් හම්බ කළාද? ඔන්න ඕක තමයි ප්‍රශ්නේ! Sri Lanka Latest News

MORE NEWS

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

Load More
‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

​නිල්වන් කඳුවැටි අතරින් නිරන්තරයෙන් මීදුම් සළු තැවරෙන නුවරඑළියේ, ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුන සංචාරකයන්ට නම් සොඳුරු පාරාදීසයකි. නමුත්, මීට වසර තුනකට...

Read more
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.