-‘චීනෙ කියන්නේ යක්ෂයෙක්…’ -චීනෙන් පරෙස්සම් වෙන්න’ -‘චීනෙට තියෙන්නෙ වෙන අරමුණක්’ -‘මුහුදු මාර්ග විවෘත කරන්න කතා කළා…’
චීනය යනු විලෝපීය යක්ෂයෙකු බවත්, ශ්‍රී ලංකාව චීනයෙන් පරෙස්සම් විය යුතු බවත් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද (28) ලංකාවට අනතුරු ඇගවීමක් කළේය.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවැති ද්විපාර්ශ්වීය සාකච්ජාවෙන් අනතුරුව පැවැති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ජාවේදී පොම්පියෝ මහතා මේ බව කියා සිටියේය.
චීන ආයෝජන සහ වෙළෙද කටයුතු විනිවිද නොමැති බවත්, චීනයට ඇත්තේ වෙනත් අරමුණක් බවත් පොම්පියෝ එහිදී අවධාරණය කළේය.
එමෙන්ම ලංකාව සමග පැවැති සාකච්ජාවේදී අමෙරිකාව සමග ඒකාබද්ධව කටයුතු කිරීම පිළිබදවත්, ප්‍රධාන මුහුදු මාර්ග විවෘත කිරීම සම්බන්ධයෙනුත් කතාබහට ලක්වූ බවද පොම්පියෝ සදහන් කර සිටියේය.
එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ සංහිදියාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කළ බවද ඒ මහතා කී ඒ මහතා අමෙරිකාව ලංකාවට පැමිණියේ හිතවතකු සහ හවුල්කරුවකු ලෙස බවයි.
එම හවුල්කාරීත්වය ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අනුව සිදුවිය යුතු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.