ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
වසර 23 කට පසු මධ්‍යම පළාතට දක්ෂතම ක්රීටිකාවකට හිමි සම්මානයද දිනා ගනිමින් පසුගිය (18-19) දිනයන්හි ගාල්ල දඩැල්ල ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවති කරාතේ තරග ඉසව් මාලාවේ කේවල ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සහ සමස්ත කරාතේ කරක ඉසව්වේ දක්ෂතම ක්රිඩිකාවකින් සම්මානය දිනා ගැනීමට හැටන් ශ්‍රී පාද විද්‍යාලයේ නියෝජනය කල කරාතේ ක්‍රීඩිකා කේ.එම්.එයි එනාරා පුංචි බන්ඩා දියණිය සමත් වී තිබේ. Sri Lanka Latest News
වසර විසි තුනකට පසුව මධ්‍යමට කරාටීසවකින් දක්ෂතම ක්‍රීඩිකාවකට හිමි සම්මානය දිනා ගනිමින් මධ්‍යම පළාත් ක්‍රීඩා ක්ෂේත්රයට අභිමානයක් ගෙනදීමට මෙම ක්‍රීඩිකාව සමත් වී තිබීම විශේෂත්වයකි.
වයස අවුරුදු හතරකට පෙර සිටම කරාතේ පුහුනුවිම් තම පියාගෙන් ලබන අතර සහභාගී වූ මුල්ම සමස්ත ලංකා කනිෂ්ඨ පාසල් වයස අවුරුදු 8න් පහල තරගයේ රන් පදක්කම දිනා ගනිමින් අඛණ්ඩව සමස්ත ලංකා කනිෂ්ඨ පාසල් ශූරතාවලින් රන් පදක්කම් හා රිදී ලෝකඩ පදක්කම් රාශියක් දිනා ගෙන ඇති මෙම ක්‍රීඩිකාව 2023 ගාල්ලේ පැවති අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සමස්ත ලංකා ජාතික පාසල් ශූරතාවලි ඉසව් දෙකෙන්ම ලෝකඩ හා රිදී පදක්කම් 2න් මෙන්ම 2024 කිලිනොච්චියේ පැවති අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සමස්ත ලංකා ජාතික පාසල් ශූරතාවලියේ දී රන් පදක්කම දිනා පාසලට කීර්තියක් හිමිකර දෙන ලදී.
ඇයගේ පියා K.M.පුංචිබණ්ඩා මහතා වසර ගණනාවක් මධ්‍යම පළාත නියෝජනය කරමින් හිටපු ජාතික ක්‍රීඩකයෙකු වන අතර ප්‍රදේශයේ බොහෝ දරුවන්ට කරාතේ පුහුනුවිම් කරයි.
මව වසර ගණනාවක් පෞද්ගලික ගුරු වෘත්තීයේ නියැළෙමින් සේවය කළ අතර දරුවන්ගේ අධ්‍යාපනය හා ක්‍රීඩාව වෙනුවෙන් කටයුතු කිරීමට කැප විය.
එනාරා පුංචිබණ්ඩා ගේ එකම සහෝදරයා ද කරාතේ පුහුනුවිම් කරන අතර ඔහුද සමස්ත ලංකා කනිෂ්ඨ පාසල් ශූරතාවලි හී රන් පදක්කම් ලබා ගෙන පාසලට කීර්තියක් හිමි කර ගැනීම සුවිශේෂී වේ.
































