පොහොට්ටුවේ ප්‍රධාන කාර්යාලයේ මාධ්‍ය හමු පැවැත්වීමේදී එහි ඇති පසුතලයේ රාජපක්ෂවරුන්ගේ මුහුණු දර්ශනය වීම සම්බන්ධයෙන් පසුගිය කාලයේදී යම් අර්බූදයක් මතුව තිබිණ.
ආරම්භයේදී එහි මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන තිදෙනාගේම මුහුණු දර්ශනය වුවද අරගලයෙන් පසු ගෝඨා පළායාමත් සමග එහි රාජපක්ෂවරුන් සියලු දෙනාගේම මුහුණු ප්‍රදර්ශනය කිරීම අත්හිටුවා තිබිණ.
ඒ වෙනුවට පොහොට්ටු ලාංජනය පමණක් එහි ප්‍රදර්ශනය විය.
කෙසේවෙතත් මාධ්‍ය මගින් එය හෙළිකරීමත් සමග පසුගිය සතියේදී නැවත වතාවක් මහින්ද රාජපක්ෂ මහතාගේ මුහුණ ප්‍රදර්ශනය කිරීම ආරම්භ කොට තිබිණ.
එමෙන්ම අද දිනයේදී එහි බැසිල් රාජපක්ෂ මහතාගේ මුහුණද ප්‍රදර්ශනය විය.
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මුහුණ පමණක් ඉන් ඉවත් කොට ඇති බවක් දැකගන්නට ඇත.