අද වන විට ආණ්ඩුව සංවර්ධනය කරන බව කියමින් පරිසර විනාශයක් සිදුකරමින් සිටින බවත්, අද මිහිදු හිමියන් ලංකාවට වැඩම කළේ නම් වඩින්නට සිදුවන්නේ මිස්සක පව්වට නොව නෙළුම් කුළුණ මතට බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න මහතා කීය.
එදා මිහිදු හිමියන් මිස්සක පව්වට වැඩ අඹ ගසේ ප්‍රශ්නාවලිය විමසා දේවානම්පියතිස්ස මහරජුගේ බුද්ධි මට්ටම මැන ධර්මය දේශනා කළ බවත්, අද නන්දසේන ජනාධිපතිතුමාගෙන් විමසීමට වන්නේ එදා තිබූ අඹ ගස්, සිංහරාජ කැලෑව කෝ කියා බවත් විද්‍යාරත්න මහතා කියා සිටියේය.
රට සංවර්ධනය කිරීම කළ යුතු බව තමන්ද පිළිගන්නා නමුත් සංවර්ධනය කළ යුත්තේ සංරක්ෂණය කරමින් බවත් හෙතෙමෙ කියා සිටියේය.











