අඩක් ඉදිකර ඇති කොළඹ ක්‍රිෂ් ගොඩනැගිල්ලේ නිවාස 5ක් මිලදීගෙන ඇති ව්‍යාපාරිකයෙක් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.Sri Lanka Latest News
ඒ, පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ක්‍රියාත්මක පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ(FCID) ප්‍රධානියා ලෙස කටයුතු කළ, එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාරට එරෙහිවය.
රවී විද්‍යාලංකාර තමාගෙන් රුපියල් ලක්ෂ 750ක් ලබාගෙන, එම මුදල වංචා කළ බව පවසමින් මෙම ව්‍යාපාරිකයා අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
ඊට අමතරව හිටපු ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ, ජානකී, පියුමාලි ඇතුළු පිරිසක්ද මෙම ගැටලුවට සම්බන්ධ බවද ව්‍යාපාරිකයා ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් තමා මීට පෙර නඩු 7ක් පවරා ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 15 වතාවක් පමණ පැමිණිලි කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.










