පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය රක්ෂණ මුදල රුපියල් ලක්ෂ 10ක් දක්වා වැඩි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත.
පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාවේදී මෙම ප්‍රශ්නය සාකච්ඡා කෙරුණු අවස්ථාවේදී කතානායකවරයා මේ බව දැනුම්දී ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකුට දැනට ලැබෙන වෛද්‍ය රක්ෂණයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකි.
පවතින ආර්ථිකය තත්වය යටතේ සියලුම වෛද්‍ය සේවා ඉහළගොස් ඇති හෙයින් එම රක්ෂණ මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව මන්ත්‍රීවරු රැසක් කතානායකවරයාට පෙන්වා දුන්හ. -ලංකාදීප










