රථ වාහන මූලස්ථානය මගින් පිටකොටුවට පැමිණෙන පදිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විණි.
එහිදී මාර්ග සංඥා අනුව පදිකයින් පාර හරහා ගමන් කරනවාද යන්න දැඩි පරීක්ෂාවට ලක් කෙරිණි.
බොහෝ පදිකයන් මාර්ග නීති උල්ලංඝනය කරමින් රතු බල්බ දැල්වී තිබෙන අවස්ථාවේදී මාර්ගය හරහා ගමන් කරන අයුරු දක්නට ලැබුණු අතර ඔවුන්ට මාර්ග නීති මෙන්ම මාර්ගය හරහා ගමන් කරන අයුරු පිළිබඳ පොලිසියෙන් දැඩි අවවාද ලැබුණි.
එලෙස මාර්ග නීති උල්ලංඝනය කර මාර්ග හරහා ගමන් කරන පුද්ගලයන්ගේ හැඳුනුම්පත් සහ අනෙකුත් විස්තර සටහන් කරගෙන ඒවා පරිගණක ගත කිරීමට ද කටයුතු කරන බවත් මාර්ග නීති උල්ලංඝනය කළ පුද්ගලයා නැවත වතාවක් මාර්ග නීති උල්ලංඝනය කළ ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් එහි සිටි පොලිස් නිලධාරියෙක් පැවසීය.










