උගුලකට හසුවීමෙන් ලද තුවාල හේතුවෙන් මිය ගියේ යැයි කියන ශ්‍රී පාදයේ කළු කොටියාගේ සිරුර කොළඹ ජාතික කෞතුකාගාරයට බාරදීමට සැලසුම් කර ඇති බව වනජීවී දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.
දැනට එම කළුකොටියාගේ සිරුර ඩී.එන්.ඒ. පරීක්ෂණ සදහා පේරාදේණිය සරසවිය වෙත යොමු කර තිබේ.
ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලින් පසු එම සත්ත්වයාගේ සිරුර කොළඹ ජාතික කෞතුකාගාරය වෙත යැවීමට නියමිතය.











