කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ඉකුත් මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 42.3%කින් පහත වැටී ඇති බව මහබැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවන්හි දැක්වේ.
එමෙන්ම මාර්තු මාසයේ ආනයන වියදමද 30.3%කින් පහත වැටී ඇති බව එම වාර්තා අනාවරණය කරයි.
මීට අමතරව ලංකාවේ ප්‍රධානතම අපනයන ආදායම් මාර්ගයන් වූ ඇගලුම් කර්මාන්තය 41.3%කින්ද, රබර් කර්මාන්තය 58%කින්ද, මැණීක් හා ස්වර්ණාභරණ කර්මාන්තය 73%කින්ද, තේ කර්මාන්තය 50%කින්ද පහත වැටී ඇති බව එම වාර්තා පෙන්වා දේ.
වාහන ආනයනය 45%කින්ද, තෙල් ආනයනය 41%කින්ද, අතරමැදි භාණ්ඩ ආනයනය 29%කින්ද පහත වැටී ඇති බවද මහබැංකු වාර්තා අනාවරණය කරයි.
කෙසේවෙතත් එළවලු, සීනි, මුහුදු මාළු සහ කුළුබඩු ආනයනය ඉහළ ගොස් ඇති බව එම වාර්තා පෙන්වා දෙයි.










