පොල් ගෙඩියේ බර අනුව එහි මිල තීරණය කරන ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.
පොල් මිල සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුව නිරාකරණ කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය.
කෙසේවෙතත් ඉකුත් අවස්ථාවේදී පොල් ගෙඩියේ වට ප්‍රමාණය මැන මිල තීරණය කිරීමේ ක්‍රමවේදයක් සකස් කළද මහජන විරෝධය හේතුවෙන් එය අත්හිටුවීමට පියවර ගෙන තිබිණ.










