මෙරට සිදුවී ඇතැයි කියනු ලබන මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ සොයා බලා ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම් නවාස් මහතාගේ සභාපතීත්වයෙන් යුක්තව ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර තිබේ.
විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි යන මහත්වරුන් එම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ.
ජනවාරි මස 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි එම පරීක්ෂණ කොමිෂන් සභාව පත්කර ඇත.
මෙරට මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ කරුණු විමර්ශනය කිරීම, පරීක්ෂා කිරීම සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම පරීක්ෂණ කොමිෂන් සභාව පත්කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.
මෙහිදී උගත් හා ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව, දරුස්මාන් වාර්තාව සහ පරණගම වාර්තාව මගින් සිදු කර ඇති නිර්දේශ යළි අධ්‍යයනය කිරීමට නියමිතය.










