පළාත් පාලන මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසම සහ එහි සභාපතිවරයා රජය සමඟ කුමන්ත්‍රණයක් සිදු කරන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී පැවසීය..
“ඒ සඳහා මැතිවරණ කොමිසමට බලය තියෙනවා. නීතිපතිවරයාගේ උපදෙස් විමසීමට කිසිසේත් අවශ්‍ය නෑ, ” යනුවෙන් ඔහු පැවසීය.
“මෙය කුමන්ත්‍රණයක්. මැතිවරණ කොමිෂන් සභාවට හෙට පවා ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කරන්න පුලුවන්. මැතිවරණ කොමිෂන් සභාව රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව පැහැදිලියි. මෙහි සභාපති පුංචිහෙවා කලින් වැඩ කළ තැන අපි දන්නවා. ඔහු සමීපව කටයුතු කළ ආණ්ඩු සහ පුද්ගලයින් අපි දන්නවා. ඔහු ස්වාධීන පුද්ගලයෙක් නෙමෙයි ” යැයිද ඔහු කීය.