• About us
  • Contact us
Monday, July 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාස 4ක් ඇතුළත රනිල්ගෙන් උතුරේ ගැටලුවට විසඳුමක්! ලබන සතියේ සාකච්ජා ඇරඹේ!

November 11, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ජපානය මැදිහත්කරුවකු ලෙස කටයුතු කරන්න එකඟ වුණා! රනිල් පාර්ලිමේන්තුවට දැනුම් දෙයි!
Share on WhatsAppShare on Facebook

දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු පිටස්තර මැදිහත්වීමකින් තොරව සාමකාමීව විසඳා ගැනීම සඳහා ලබන සතියේ පැවැත්වීමට නියමිත සාකච්ඡාවට සහභාගී වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුම දෙමළ දේශපාලන පක්ෂවලට ආරාධනා කළේය.

75 වන නිදහස් දින සැමරුමට පෙර මෙම ගැටලුවට විසඳුම් සෙවීම සිය අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය

අද අධිකරණ ඇමතිතුමා වැදගත් කරුණු 10ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ පිළිබඳ මෙතන දීර්ඝ ලෙස කතා කර තිබෙන නිසා මම ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කාලය අනුව අපේ නීති නවීකරණය කළයුතුයි. ඒ වැඩකටයුතු එතුමාට භාර දී තිබෙනවා. එයින් කොටසක් අද අපි ඉදිරිපත් කර තිබෙන්නේ. අමතර දිනවලදී හෝ පාර්ලිමේන්තුව රැස් වෙලා මේවා සම්මත කර ගැනීමට අපි කටයුතු කරමු.

මම පසුගිය සඳුදා සහ අගහරුවාදා අපේ පරිසර ඇමතිතුමා සමග ඊජිප්තුවේ පැවති COP 27 සමුළුවට සහභාගි වුණා. මමත් සමග දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතාත්, අපට උපකාර කරන මාලදිවයිනේ හිටපු ජනාධිපති අහමඩ් නෂීඩ් මහතාත් ඊට සහභාගී වුණා.

2015 දී මෙම සමුළුවට සහභාගීවූ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට අපි ප්‍රශංසා කළයුතුයි. එහිදී ඇතිකරගත් ගිවිසුමට එකඟ වෙමින් අපේ විදුලි බලාගාර සීමා කිරීමට එතුමා තීරණය කළා. අලුතින් ඒකක්වත් අපි ඇති කරලා නැහැ. ඒ වගේම ග්ලාස්ගෝ නුවරදී පසුගිය වසරේ පැවති COP 26 සමුළුව කොවිඩ් නිසා ප්‍රමාද වුණා, 2050 වන විට සෙන්ට්‍රිග්‍රේඩ් 1.5කට උෂ්ණත්වය සීමා කර ගනිමින් දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට බ්‍රිතාන්‍ය හිටපු අගමැති මොරිස් ජොන්සන් මැතිතුමාගේ නායකත්වය යටතේ යෝජනාවක් ඉදිරිපත් කළා.මේ සඳහා අපි ගෙන තිබෙන පියවර පිළිබඳ මෙම සමුළුවේ දි කරුණු ඉදිරිපත් කළා.

මෙවර අපි COP 27 සමුළුවට යන විට, පෙර පැවති COP 26 සමුළුවේදි ගත් තීරණය සම්බන්ධව කිසිදු ප්‍රගතියක් ලබා තිබුණේ නෑ. 2050 වන විට උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1.5ට සීමා කර ගැනිමට ඇතැම් සංවර්ධිත රටවල් හෝ ඇතැම් G20 රටවල් පවා කිසිදු පියවරක් ගෙන තිබුනේ නැහැ.

ඔවුන් පොරොන්දු වූ මුදල දායක කරගෙන නොතිබූ අතර සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වසරකට අවශ්‍ය මුදල ලබාදීම පොරොන්දු වූ පරිද ඉටු කර තිබුණේ නැහැ.
ඒ අනුව, අපි COP 27 වෙත ගියේ COP 26 හි ගිවිසුම් සහ ජයග්‍රහණවල පසුබැසීමක් ඇතිව යි. COP 27 විධිවිධාන දෙස බැලුවහොත්, සංවර්ධිත රටවල් හෝ G20 රටවල් සමග බරපතල සංවාද කිසිවක් නොතිබූ බව අපට පෙනී ගියා. සමහර නායකයින් පැමිණියේ ආරම්භක දිනයට පමණක් වන අතර ප්‍රකාශ සිදු කිරීමට නියමිතව තිබුණද එම ප්‍රකාශ සිදු කළේ ප්‍රධාන සම්මන්ත්‍රණයේදී නොව වෙනත් විවිධ වැඩසටහන්වලදීයි. ඉන්පසු ඔවුන් සියල්ලෝම පිටව ගියා.

ඇත්ත වශයෙන්ම, දෙවන දිනයේ අපට ඉතිරි වූයේ යුරෝපීය පැත්තෙන්, ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් (Olaf Scholz) පමණි. යුරෝපයීය පාර්ශ්වයෙන් ආරම්භ කරන ලද ගෝලීය ආරක්ෂාව සඳහා මුල පිරීම්වලට ඔහු සහභාගී වූ අතර, ඒ සඳහා අපි ඔහුට ස්තූතිවන්ත විය යුතුයි.

G20 නායකයින් වෙනුවෙන් ප්‍රධාන ස්ථානය ගනු ලැබුවේ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා විසින්. එම පසුබිම තුළ, G20 රටවල්, G7 සහ සංවර්ධිත ආර්ථිකයන් විසින් ගෙන ඇති ස්ථාවරය හෙළා දැකීමට සහ විවේචනය කිරීමට මට සහ අනෙකුත් ඇතැම් පාර්ශ්වයන්ට සිදු වුණා. අපිට මෙසේ ඉදිරියට යා නොහැකියි. ලෝකය මුහුණ දෙන බරපතළ ප්‍රශ්න තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා කළ කතාව පිළිබඳ අවධානය යොමු කළහොත් මම හිතන්නේ ඉදිරි වසර 20-30 තුළ මෙම තත්ත්වය තවත් බරපතළ වේවි. අපි පකිස්තාන අගමැතිතුමාගේ කතාවට ඇහුම්කන් දුන්නා වගේම හිමාල කඳුවැටිය දියවීම පාකිස්තානයට බලපාන තත්ත්වය අධ්‍යයනය කළ‌ා. එපමණක් නොවේ. නේපාලය පවසන්නේ එය ඔවුන්ගේ රටට බලපෑම් ඇතිකරන බවයි. ගංගානම් නදිය නිසා ඉන්දියාවට ද ඒයින් බලපෑම් ඇතිවිය හැකියි. ගංගා සහ බ්‍රහ්මපුත්‍ර යන ගංගා දෙකම බංග්ලාදේශය හරහා ගලන බැවින් බංග්ලාදේශයට මෙය බලපානු ඇත. මෙය මියන්මාරයට බලපානු ලබන්නේ ඉරාවඩ්ඩි ගංගාව සහ සැන් වින් ගංගා මියන්මාරය හරහා ගලා බසින නිසාය.

එය මාලදිවයින ද ජලයෙන් යටවීමට බලපාන අතර එය අපට බලපානු ඇත්තේ අපගේ බටහිර වෙරළ තීරයෙන් කොටසක් ජලයෙන් යට වන බැවිනි. දකුණු ඉන්දියාවේ කන්‍යාකුමාරි වැනි ස්ථාන පවා ජලයෙන් යට විය හැකියි. එය තමයි අප සියලුදෙනාට තිබෙන තර්ජනය. නමුත් ප්‍රධාන රටවල් මේ ගැන ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ.

.2050 වන විට උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1.5ට සීමා කර ගැනීම වෙනුවෙන් COP 28 සමුළුවේදී G20 රටවල් සමග සෘජුව ගැටීමට අපි සාකච්ඡා කළා. ඒ වෙනුවෙන් අප හා සමාන අදහස් ඇති රටවල් සමග සාකච්ඡා කිරීමට අපිට සිදු වෙනවා. අපගේ විදේශ අමාත්‍යවරයාට සහ පරිසර අමාත්‍යවරුන් දෙදෙනාටම එය කළ හැකි බව මට විශ්වාසයි.
ශ්‍රී ලංකාව මේ සඳහා අනෙක් රටවල් සමග එක් විය යුතුයි. අපි හැකි පමණින් එයට සහාය දිය යුතු අතර, අවශ්‍ය අවස්ථාවලදී මෙම ප්‍රශ්නයට නායකත්වය ලබා දිය යුතුයි.


]දෙවැනි කාරණය තමයි ආහාර සුරක්ෂිතතාව. අපි ගැටළුකාරී අවධියක් පසු කර තිබෙනවා. අපට උදව් කළ රටවල්වලට මම ස්තූතිවන්ත විය යුතුයි. ලබන වසර තුළ අපට ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රධාන ගැටලුවක් ඇති නොවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. නමුත් අප්‍රිකාව ඉතා දරුණු තත්ත්වයකට මුහුණ දෙනු ඇති අතර මිලියන 20 – 30 ජනතාව ඉන් පීඩාවට පත් වනු ඇති. මේ හේතුවෙන් අප්‍රිකානු කලාපයේ විශාල පිරිසක් මිය යනු ඇති අතර ඒ් සඳහා කිසිදු ආධාරයක් හෝ සහායක් හිමිව නෑ. එය සාකච්ඡාට ද ගෙන තිබුණේ නැහැ.

දැන් සමහර අයට ආහාර වගා කරන්න බෑ. අනෙක් අයට මුදල් නැති නිසා කෘෂිකාර්මික කටයුතු සඳහා පොහොර ලබාගැනිමට නොහැකි වී තිබෙනවා. අපි ඔවුන්ට උදව් කළ යුතුයි.දෙවනුව ඔවුන් පීඩාවට පත් වන්නේ, බොහෝ දෙනා ණය වී සිටිම නිසයි. එබැවින් මගේ මතය අනුව, ආහාර හිඟය පිළිබඳ බරපතල ගැටළු ඇති රටවලට අප ලබා දිය යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යුක්‍රේනයට ලබාදුන් කොන්දේසිමයි. යුක්‍රේනය රුසියාව සමඟ යුද්ධයක නිරත වුණා. මේ අය ජීවත් වෙන්න යුද්ධයක් කරනවා.ඒ නිසා බටහිර යුක්‍රේනයට ලබාදුන් සහයෝගයම දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. එබැවින් මේවා ඉදිරියේදී අපගේ විදේශ ප්‍රතිපත්තියේ සහ පාරිසරික ප්‍රතිපත්තියේ ප්‍රධාන ගැටළු වනු ඇති.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ජිනීවා ගැන සඳහන් කිරීම පිළිබඳ මම සතුටු වෙනවා. මක්නිසාද යත්, 2050 වන විට 40 – 50 දක්වා වන පරම්පරාවේ, තරුණ තරුණියන්ගේ, නූපන් පරපුරේ මූලික අයිතිය වන්නේ, ජීවත්වීමේ අයිතිය යැයි මම සිතනවා. එබැවින් ඔබ තරුණ පරම්පරාවේ සහ නූපන් දරුවන්ගේ අයිතිවාසිකම් නොසලකා හරින්නේ නම්, සිදුවිය හැකි දරුණුතම ජන සංහාරය එයයි. ‍‍
ඒ අතරම විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ප්‍රකාශ කළා අපේ ප්‍රශ්න අපිම විසඳගන්න බලාපොරොත්තු වෙනවා කියලා. සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසම, ත්‍රස්ත මර්දන පනත සහ දූෂණය යන ව්‍යවස්ථා තුන පිළිබඳව අමාත්‍යවරයා අදහස් දක්වනු ඇති. ජනවාරි සහ පෙබරවාරි මාසවල ඇමතිවරු දෙදෙනා ඒවා ඉදිරිපත් කරනවා.
උතුරේ පුනර්ජනනීය බලශක්ති විභවය සහ හරිත හයිඩ්‍රජන් තිබීමේ හැකියාව පිළිබඳව මම තක්සේරුවක් කරනවා. තරඟකාරී පදනමක් මත හරිත හයිඩ්‍රජන් ලබා ගන්නේ නම්, උතුරේ ආර්ථිකය ඉහළ යාම සිදු වෙනවා. ඒ නිසා අපි මේ ගැන සොයා බැලිය යුතුයි. මොකද අපේ පුනර්ජනනීය බලශක්තියෙන් වැඩි ප්‍රමාණයක් පුත්තලමේ ඉඳන් ත්‍රිකුණාමලය දක්වාම ලැබෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරය සඳහා නැගෙනහිරින් ආරම්භ කළ ත්‍රිකුණාමල සංවර්ධනය සිදු වෙනවා .

අපි හැමෝම ශ්‍රී ලාංකිකයන්. ඒ නිසා අපි හැමෝම එකතු වෙලා අපේ 75 වැනි නිදහස් සංවත්සරය වන විට මේ ප්‍රශ්නය විසඳාගත යුතුයි. අපේ රටේ ප්‍රශ්නවලට වෙනත් අය මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ. අපට අපගේ ප්‍රශ්න විසඳා ගත හැකි අතර එය ඉටු කිරීමටයි අප උත්සාහ කරන්නේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ප්‍රකාශ කල පරිදි අපේ ප්‍රශ්න අපිම විසඳගන්න බලාපොරොත්තු වෙනවා. අපේ ඇමතිවරුන් දෙදෙනා නව නිති සකස් කරලා ජනවාරි, පෙබරවාරි මාසය වන විට ඒවා ඉදිරිපත් කරනු ඇති. ඒ සමගම උතුරේ සිටින අපේ ජනතාවගේ ප්‍රශ්න ගැන අපි සාකච්ඡා කරගෙන යනවා. දැනටමත් අත්අඩංගුවේ සිටි කිහිප දෙනෙක් අපි නිදහස් කරලා තිබෙනවා. තවත් කිහිප දෙනෙක් සිටිනවා නිදහස් කිරීමට.ඒ අතර ලේඛකයෙක් සිටිනවා. ඒ නඩු කටයුතු දැන් සිදු වෙනවා. ඒ නඩුවේදි එයා නිවැරදි කියලා තිරණය වුණොත් අපි එතුමටත් එම සහය ලබා දෙනවා. එතුමා සම්බන්ධවෙලා තිබෙන්නේ පිත්තල හන්දියේ සිදුවිමට. අපේ හිටපු ජනාධිපතිවරයා සමගත් සාකච්ඡා කරලා ඒ ගැන තීරණයක් ගන්නවා. අපිට අවශ්‍ය මේ ප්‍රශ්න විසඳා ගැනීමට.
අතුරුදන්වූවන් පිළිබඳ කතාකළොත් 2019 වන විට නඩු 65යි තිබුණේ. දැන් නඩු 2000ක් අවසන් කරලා තිබෙනවා. මම උපදෙස් දීලා තිබෙනවා කඩිනමින් මෙම කටයුතු අවසන් කිරීමට.
ඒ වගේම 17 වන සංශෝධනය සම්මත කරගත්තේ ආණ්ඩුවයි, විපක්ෂයයි දෙකම එකතු වෙලා. 19 වන සංශෝධනයේදීත්, 21 වන සංශෝධනයේදීත් වුනේ එහෙමයි. ව්‍යවස්ථාදායක සභාව ඇතිකළ යුතුයි. මම හිතන්නේ මෙතන පොඩි ප්‍රශ්නයක් තිබෙනවා. ඒක ප්‍රශ්නයක් නෙවේ, අර සිවිල් සමාජයේ තුන්දෙනා නම් කරන්නේ අගමැතිතුමයි, විපක්ෂනායකතුමයි එකතුවෙලා. එය සහතික කරන්නේ කථානායකතුමා. එය ප්‍රතික්ෂේප කිරීමට කිසිවෙකුට බැහැ. එහෙම කරනවා නම් අගමැතිතුමාට ආණ්ඩු පක්ෂයේ සහයෝගය නැහැ. විපක්ෂනායකතුමාට විපක්ෂයේ සහයෝගය නැහැ. කතානායකතුමාට දෙපැත්තේම සහයෝගය නැහැ. එහෙම නම් තුන්දෙනාටම ඉල්ලා අස්වෙන්න වෙනවා. එය කරන්න බැරි දෙයක්. නායකයෝ දෙන්නා එකඟ වෙලා කතානායකතුමා එකතු වුණහම 17වන සංශෝධනය ගෙන ආවා. 19 ව්‍යවස්ථා සංශෝධනයේදිත් සිදුවණේ එලෙසයි.

මෙතන ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ විපක්ෂයේ සජබේට අයිති නොවන මන්ත්‍රීවරයා කවුද කියලා. ද්‍රවිඩ පක්ෂවලින් නම් කරනවා නම් මේ සිවිල් සමාජයේ තුන්දෙනා ගැන තීරණය කරන්න පුළුවන්. අපි පසුගිය වතාවේ කාන්තා සහ ද්‍රවිඩ නියොජනයන් ඇතුළත් කළා. මෙවර කාන්තා නියෝජනය ගැන බලන්න පුළුවන්. මුස්ලිම් එක්කෙනෙක් ගැන බලන්නත් පුළුවන්. මේ කටයුතු ඉක්මනින් සිදු කළ යුතුයි. එවිට කොමිසම් සභා සියල්ල පත් කළ හැකියි. එය සිදුකිරීමට අපි සූදානම්. ඒ සඳහා කටයුතු සූදානම් කර දෙන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලනවා.
කෝප් සමුළුවේ දි මට අවස්ථාව ලැබුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරිය මුණ ගැසීමට. මම එතුමිය සමග සාකච්ඡා කළා. අපිට සහයෝගය ලබා දෙන බව එතුමිය ප්‍රකාශ කළා.
කිසිදු බියක් තබා ගන්න එපා. අපිට දැන් තිබෙන්නේ ඉන්දියාව සහ චීනය සමග සාකච්ඡා සාර්ථක කර ගැනීමට. අපි රටවල් දෙකෙන්ම ඉල්ලා තිබෙන්නේ දෙසැම්බර් මාසය වන විට මේ සාකච්ඡා අවසන් කරන්න කියලා. මෙම සාකච්ඡා අවසන් වුණහම අපිට තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම පමණයි. ලෝක බැංකු සභාපතිවරයා සමගත් අපි සාකච්ඡා කළා.
මේ දේවල් නොදන්නවා නම් විවාදය වර්ජනය කරන බව ප්‍රකාශ කිරීම ගැන විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා ආණ්ඩු පාර්ශ්වයට සහ විපක්ෂයට එය සම්මත කළ හැකියි.

SendShareShare
Previous Post

ඊයේ පාර්ලිමේන්තුවේදී ඩයනා වටේටම ගැහුවා! ඔන්න අද ඩයනාට රට යන්න තහනමක් වැටිලා! (VIDEO)

Next Post

රනිල් IMF එක ගැන විපක්ෂයේ ඉන්නකොට කියපු දේයි ජනාධිපති වුණාට පස්සේ කියන දේයි මරික්කාර් පාර්ලිමේන්තුවේදී හොදටම පෙන්නලා දෙයි! (VIDEO)

MORE NEWS

විපක්ෂනායක සජිත් ‘කැන්ඩි ලමිස්සීට’ සමුදෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් ‘කැන්ඩි ලමිස්සීට’ සමුදෙයි! PHOTOS I Sri Lanka Latest News

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති රට පුරා විරෝධතාවක් අරඹයි! Sri Lanka Latest News
Exclusive

සිවිල් ආරක්ෂකයන් බඳවා ගැනීමට එරෙහිව වනජීවිය එළියට බහී! අධ්‍යක්ෂ ජනරාල්ට විරෝධය පළකරමින් ලොකු උද්ඝෝෂණයක්! VIDEO I Sri Lanka Latest News

ආවෙ ඉඩම් අයිතිය දෙනවා කියාගෙන! අවුරුදු 30ක් ජීවත් වෙච්ච LRC ඉඩමෙන් මිනිස්සු දොට්ට දාලා! නුවරඑළියේ විපක්ෂ එකමුතුව මාධ්‍ය හමුවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආවෙ ඉඩම් අයිතිය දෙනවා කියාගෙන! අවුරුදු 30ක් ජීවත් වෙච්ච LRC ඉඩමෙන් මිනිස්සු දොට්ට දාලා! නුවරඑළියේ විපක්ෂ එකමුතුව මාධ්‍ය හමුවක! PHOTOS I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

අයිස්ලෝලීන් 70%ක් දැන් සුරාලෝලීන්! I Sri Lanka Latest News

ලෝකය ලංකාව නිදහස් කරයි! වාර්තාව දිගටම තියාගැනීම බලධාරීන් අතේ! I Sri Lanka Latest News
Exclusive

සාමයෙන් ලංකාව ලෝකයෙන් 67ට! දකුණු ආසියාවෙන් 2ට! I Sri Lanka Latest News

ඉරානයේ ‘ආයුධ ගබඩාවට’ අමෙරිකාව ගහන්න පටන් ගනී! පිපිරෙනවා.. පිපිරෙනවා.. ඉවරයක් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානය මැදපෙරදිගට ඉලක්කය ගනී! බහරේනයට කුවේටයට ජෝර්දානයට ගහයි! කලාපයම යුද උණුසුමක! I Sri Lanka Latest News

Load More
විපක්ෂනායක සජිත් ‘කැන්ඩි ලමිස්සීට’ සමුදෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් ‘කැන්ඩි ලමිස්සීට’ සමුදෙයි! PHOTOS I Sri Lanka Latest News

සංගීත විශාරද ප්‍රවීණ ගායන ශිල්පී මරියසෙල් ගුණතිලක මහත්මියගේ හදිසි අභාවය මෙරට සංගීත ක්ෂේත්‍රයට සිදුවූ බරපතළ පාඩුවක් බවත් සංගීත ක්ෂේත්‍රයේ ගායනයෙන්...

Read more
රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති රට පුරා විරෝධතාවක් අරඹයි! Sri Lanka Latest News

සිවිල් ආරක්ෂකයන් බඳවා ගැනීමට එරෙහිව වනජීවිය එළියට බහී! අධ්‍යක්ෂ ජනරාල්ට විරෝධය පළකරමින් ලොකු උද්ඝෝෂණයක්! VIDEO I Sri Lanka Latest News

ආවෙ ඉඩම් අයිතිය දෙනවා කියාගෙන! අවුරුදු 30ක් ජීවත් වෙච්ච LRC ඉඩමෙන් මිනිස්සු දොට්ට දාලා! නුවරඑළියේ විපක්ෂ එකමුතුව මාධ්‍ය හමුවක! PHOTOS I Sri Lanka Latest News

ආවෙ ඉඩම් අයිතිය දෙනවා කියාගෙන! අවුරුදු 30ක් ජීවත් වෙච්ච LRC ඉඩමෙන් මිනිස්සු දොට්ට දාලා! නුවරඑළියේ විපක්ෂ එකමුතුව මාධ්‍ය හමුවක! PHOTOS I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

අයිස්ලෝලීන් 70%ක් දැන් සුරාලෝලීන්! I Sri Lanka Latest News

ලෝකය ලංකාව නිදහස් කරයි! වාර්තාව දිගටම තියාගැනීම බලධාරීන් අතේ! I Sri Lanka Latest News

සාමයෙන් ලංකාව ලෝකයෙන් 67ට! දකුණු ආසියාවෙන් 2ට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.