වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 90 කින් පුද්ගලයින් 49 දෙනෙකු මියගොස් තිබෙනවා.Sri Lanka Latest News
පොලීසිය සඳහන් කළේ, එම වෙඩි තැබීමේ සිදුවීම්වලින් 49 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
මේ අතර මිටියාගොඩ මලවැන්න ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.
සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගතකල පුද්ගලයාගේ තත්ත්වය බරපතල නොවන බව පොලීසිය සඳහන් කළා.
මිටියාගොඩ, මලවැන්න ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් 29 හැවිරිදි සීනිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් තුවාල ලැබුවා.
වෙඩි තැබීමට පැමිණි සැකකරුවෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර , වෙඩි තැබීමට භාවිත කළ T 56 වර්ගයේ ගිනිඅවිය ද පොලීසිය භාරයට ගෙන තිබෙනවා.










