මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය නීතිරීති ඇතුළත් ගැසට් පත්‍රය මේ වනතෙක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කොට නොමැති බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක, කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එස්.එම්. මරික්කාර් මහතා පෙන්වා දෙයි.
ඒ මහතා අවධාරණය කරන්නේ අදාළ ගැසට් පත්‍රය නොමැතිව මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට මැතිවරණ කොමිසමට අපහසු බවකි.
එමෙන්ම ආණ්ඩුව කොරෝනා ජයගත් බවට මුල් අදියරේදී විශාල හඩක් නැගුවද මේ වනවිට කොරෝනා දෙවන රැල්ලක් රට ඇතුළේ නිරිමාණය වී ඇති බවත්, ඊට හේතුව ආණ්ඩුව නිසි අවස්ථාවේදී තීරණ නොගත් නිසා බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.










