තමන් යටතේ තිබූ ජාතික රූපවාහිනිය පවරා ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කිරීමත් සමග ජනමාධ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට රුවන් විජයවර්ධන මහතා තීරණය කොට ඇත.
ඒ බව අමාත්‍යවරයා අගමැතිවරයාටද දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍ය ධූරය සදහා රාජිත සේනාරත්න මහතාගේ නම යෝජනා කිරීමට එජාපය තීන්දු කර ඇති බවද දැනගන්නට ඇත.
රුවන් ජනාධීපතිගේ පලු අරී
මේ අතර රූපවාහිනිය ජනාධීපතිවරයා විසින් පවරා ගැනීමෙන් පසු ට්විටර් පණිවුඩයක් තබමින් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනයට ලක් කර ඇති රුවන් විජයවර්ධන මහතා මාසිකව රූපවාහිනියේ වැටුප් වශයෙන් කෝටි 4ක මුදලක් භාණ්ඩාගාරයෙන් ලබා ගන්නා බවත්, ඒ බව කළමනාකරණය කොට වෙනසක් ඇති කිරීම සදහා තමන් ගෙනගිය වැඩපිළිවෙළට ජනාධිපතිවරයා බාධා කළ බවත්ය.