• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාධ්‍ය අල්ලගෙන මැතිවරණවලට මේක වෙලාව නෙමෙයි කියලා කියන්න ආණ්ඩුව උත්සාහ කරනවා! අපි උදේ ‌කියපු දේ කිරිඇල්ල දවල් මාධ්‍යට ඇවිත් කියයි! (VIDEO)

January 3, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
මාධ්‍ය අල්ලගෙන මැතිවරණවලට මේක වෙලාව නෙමෙයි කියලා කියන්න ආණ්ඩුව උත්සාහ කරනවා! අපි උදේ ‌කියපු දේ කිරිඇල්ල දවල් මාධ්‍යට ඇවිත් කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය සහ අනෙකුත් මාධ්‍ය උපයෝගී කොටගෙන මෙය මැතිවරණවගට අවස්ථාවක් නොවන බව පැවසීමට උත්සාහ කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේය.

අද (03)විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ අදහස් දැක්වීය.

එහිදී ඒ මහතා පළ කළ අදහස් මෙසේය.

ජනතාව පළාත් පාලන මැතිවරණය බලාපොරොත්තුවෙන් ඉන්නවා.ජනතාවට තමන්ගේ පණිවිඩය රජයට ලබා දෙන්න පුළුවන් අවස්ථාවක් තමයි පළාත් පාලන මැතිවරණය.මැතිවරණ ක්‍රමය අනුව වසර දෙකෙන් දෙකට මොකක් හරි මැතිවරණයක් තියන්න ඕනේ.සෑම රටකම මැතිවරණ ක්‍රමය හදලා තියෙන්නේ මෙහෙමයි.පළාත් පාලන ආයතන වසර පහක් තිස්සේ පවත්වාගෙන යනවා.දැන් කාලය ඇවිත් තියෙනවා අලුත් පළාත් පාලන මන්ත්‍රීවරු පිරිසක් පත්කරගන්න.රාජ්‍ය මාධ්‍ය භාවිතා කරමින් රජය උත්සාහ කරනවා , මැතිවරණයකට සුදුසු කාලය මෙය නොවන බව ජනතාවට ඒත්තු ගන්වන්න.නමුත් පලාත් පාලන මැතිවරණ නීතිය අනුව හෝ ,රටේ ව්‍යවස්ථාව අනුව හෝ මැතිවරණය කල් දාන්න කිසිම ඉඩක් නෑ.ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු ගණනාවක් තියෙනවා.හිටපු අග්‍ර විනිශ්චකාර ඩෙක් මහතා නඩු තීන්දුවක් ලබා දීලා තියෙනවා ඡන්ද අයිතිය,තෝරා ගැනීමේ අයිතිය කියන්නේ මූලික මිනිස් අයිතිවාසිකමක් කියලා.මේක කිසිසේත්ම නැති කරන්න බැරි අයිතිවාසිකමක් කියලා නඩු තීන්දු ගණනාවක් තියෙනවා.ආණ්ඩුව විවිධ උත්සාහයන් ගන්නවා,මැතිවරණ කොමිසම අල්ලගන්න හැදුවා , නමුත් විපක්ෂය කෙලින් හිටපු නිසා බැරි වුණා.මැතිවරණ කොමිසමත් මැතිවරණයක වැදගත්කම තේරුම් ගත්තා.අපි හිතුවා දෙසැම්බර් මාසේ අග මැතිවරණය ගැසට් කරයි කියලා.මැතිවරණ කොමසාරිස්තුමාගේ වෙබ් අඩවියේ පවා එලෙස සඳහන් වූවත් එය සිදුවූයේ නෑ.නමුත් දැන් රාවය යන්නේ මේ සතියේ ගැසට් කරයි කියලා.ප්‍රමාද වෙලා හරි මැතිවරණය ගැසට් කරන එක රටට හොඳයි.මොකද ජනතාවට පණිවිඩයක් දෙන්න පුළුවන් ආණ්ඩුවට.පණිවිඩයක් දෙන්න මාර්ගයක් නැති නිසයි අරගල කළේ.ආණ්ඩුව ගහන්න පුළුවන් තුරුම්පු ඔක්කොම ගැහුවා දැන් තේරීම් භාර නිලධාරීන් අල්ලගෙන ඔවුන් ලවා වාර්තාවක් ගෙන්වාගන්න හදනවා මැතිවරණයක් පවත්වන්න බෑ කියලා.මම තේරීම් භාර නිලධාරීන්ට සහ දිසාපතිවරුන්ට පැහැදිලිව කියා සිටිනවා ඔය වැඩේට සම්මාදම් වෙන්න එපා කියලා.මොකද මුළු රටම මැතිවරණයක් එනකම් බලන් ඉන්නේ.මැතිවරණය නීති විරෝධී ආකාරයෙන් කල් දාන්න උත්සාහ කෙරුවොත් අපි අනිවාර්යෙන් අධිකරණයට යනවා අපි දැනටමත් අධිකරණයට ගිහින් තියෙනවා.ඒ නඩුව ජනවාරි 18 නැවත කැඳවන්න කියලා අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

මේ සියල්ලටම වඩා වැදගත් රටේ ආර්ථික ප්‍රශ්නය.රටේ ආර්ථික අර්බුදය පටන් ගත්තට පස්සේ i m f සංවිධානයේ නියෝජිතයන් ලංකාවට ආවා,ඇවිත් මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා.ඒ මාධ්‍ය සාකච්ඡාවේදී පැහැදිලිව කිව්වා ආණ්ඩුව ජනවරමක් ලබා ගත යුතුයි කියලා.බැරිවෙලාවත් මැතිවරණය කල් දැම්මොත් i m f අරමුදල් ප්‍රමාද වෙනවාට කිසිම සැකයක් නෑ.අපි කවුරුත් දන්නවා වත්මන් ආණ්ඩුව රට බංකොලොත් කෙරුවා.රට බංකොලොත් කරපු ආණ්ඩුවකට මුදල් ලබා දෙන්න ජාත්‍යන්තරය කැමති නෑ.ජාත්‍යන්තරය කැමති අලුත් ආණ්ඩුවක් එක්ක ගනුදෙනු කරන්න.මේක ආණ්ඩුව තේරුම් ගත යුතුයි.පැහැදිලිවම රටට අලූත් ආණ්ඩුවක් අවශ්‍යයි රට ඉදිරියට ගෙන යන්න.වත්මන් ආණ්ඩුව රට ඉවර කෙරුවා තවත් ඉවර කරන්න දෙයක් නෑ.රට විනාශ කෙරුවා.තාමත් මේක දාලා යන්නෙත් නෑ.48 සිට ආණ්ඩු රට පාලනය කළා කිසිම ආණ්ඩුවක් රට බංකොලොත් කළේ නෑ,හැම ආණ්ඩුවක්ම යද්දි ඊළඟ ආණ්ඩුවට මුදල් ඉතුරු කරලයි ගියේ.වත්මන් ආණ්ඩුව ආණ්ඩුවක් පත් වෙච්ච මුල් කාලේ කවුරුත් කියන කිසිම දෙයක් ඇහුවේ නෑ,මහා පරිමාණ සමාගම් වලට බිලියන 800ක බදු සහන ලබා දුන්නා.පාර්ලිමේන්තුවේදී අපි කිව්වා,නමුත් ආණ්ඩුව ඇහුවේ නෑ.මම විශ්වාස කරනවා ආණ්ඩුවේ ඉන්න බුද්ධිමත් පිරිස රටේ ජනතාවට ආණ්ඩුවට පණිවිඩය දෙන්න තියෙන,ජාත්‍යන්තරයට පණිවිඩයක් දෙන්න තියෙන අවස්ථාව ලබා දෙයි කියලා.ඒ අවස්ථාව ලබා දෙන්නේ නැතිනම් මේක කොහෙන් පිපිරෙයි ද කියලා අපි දන්නේ නෑ.

ඒ වගේම අද විදුලි බිල වැඩි කරන්න හදනවා.විදුලිබල ඇමතිවරයා පනත හරියට කියවලා නෑ.නැත්නම් කියවලා පනත හරියට තේරුම් ගන්න බෑ.පනත අනුව පනතේ පැහැදිලිවම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ඇමතිවරයාට බලය තියෙන්නේ ප්‍රතිපත්ති හදන්න පමණක් කියලා.පනතේ 30 වැනි වගන්තිය යටතේ විදුලි ඒකකයක මිල තීරණය කරන්න පුළුවන් මහජන උපයෝගිතා කොමිසමට.මම ඇමතිවරයාට අභියෝග කරනවා ඔහුට විදුලි බිල වැඩි කරන්න පුළුවන් වගන්තිය කොහෙද තියෙන්නෙ කියලා පෙන්වන්න කියලා.විදුලි බිල වැඩි කිරිම කැබිනට් මණ්ඩලය අනුමත කළා කියලා ඒක නීත්‍යානුකූල වෙන්නේ නෑ.ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු ගණනාවක් කැබිනට් මණ්ඩලය වුනත් වැඩ කරන්න ඕනේ නීත්‍යානුකූලවයි.කැබිනට් මණ්ඩලයට නීති විරෝධී වැඩ කරන්න බෑ,විදුලිබල පනතට පටහැනිව වැඩ කරන්නත් බෑ.රටේ නීතිය අනුවයි වැඩ කරන්න ඕනේ.මං හිතන්නේ ඒක තේරුම් ගත්ත නිසයි ඊයෙ විදුලි බිල වැඩි කිරීම කල් දැම්මේ.බැරිවෙලාවත් රජය හිතුවක්කාර විදිහට විදුලි බිල වැඩි කළොත් අපි අධිකරණයට යනවා.

ප්‍රශ්නය -: තව ආර්ථික ප්‍රශ්න උග්‍ර වෙනවා නේද? නැතිනම් පළාත් පාලන මැතිවරණයකට නොයා මහ මැතිවරණයකට යන්න කියලද ඔබතුමා කියන්නේ?

පිළිතුර-: අපිට පළාත් පාලන මැතිවරණය වේවා මහමැතිවරණය හෝ වේවා ජනාධිපතිවරණ මැතිවරණය මේ ඕන මැතිවරණයකට අපි සූදානම්.අපි කියන්නේ ජනතාවට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න අයිතියක් තියෙන බව පිළිගන්නේ නැද්ද?ඡන්දය කල් දැම්මොත් ජාත්‍යන්තර මුදල් ලැබීම කල් යනවා කියලා පිළිගන්නේ නැද්ද?ඡන්දය කල් දැම්මොත් රටේ තත්වය මීට වඩා උත්සන්න වෙනවා.

ප්‍රශ්නය-: විදුලි බිල මගින් සාමාන්‍ය ජනතාව පරිහරණය කරන විදුලිය සහ සේවා සඳහා වන විදුලි ගාස්තු විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා,මහා පරිමාණ අයට රුපියල් 500,600 වැනි මුදලක් තමයි ඉහළ ගිහින් තියෙන්නෙ.ඇයි මේ වගේ පරතරයක්?

පිළිතුර -: පනතේ හැටියට ඇමතිවරයාට බලයක් නෑ විදුලි බිල වැඩි කරන්න.විදුලි බිල වැඩි කරන්න පුළුවන් මහජන උපයෝගිතා කොමිසමට.මිල වැඩි කරන්නත් පාරිභෝගිකයා සමග සංවාදයක් ඇති කර ගත යුතුයි ඒ මගින් තමා මිල වැඩි කළ යුත්තේ.ඇමතිවරයා සංවාදයක් තිබ්බා ද කාත් එක්ක හරි.සමිති සමාගම් සාකච්ඡා කරවයි තීරණයකට එන්න ඕන.පසුගිය මාස තුනේ විදුලිබල මණ්ඩලය හොඳ ලාභයක් ලබලා තියෙනවා.දැන් මේ අය පාඩුයි පාඩුයි කියන්නේ වත්මන් ආණ්ඩුව කාලේ සිදු වූ සිදුවූ අක්‍රමිකතා ,දූෂණ වලින් වෙච්ච පාඩුව , මේ සියල්ලම වහ ගන්නයි විදුලිබිල හදන්නේ.පසුගිය කාලයේ ගත්තු වැරදි තීරණ නිසා ලැබූ පාඩුව වහ ගන්නයි විදුලි බිල වැඩි කරන්නේ.එහෙම කරන්න දෙන්න බෑ.

ප්‍රශ්නය -: ජනතා විමුක්ති පෙරමුණ කියනවා ඔවුන් අරගල කළේ මේ සඳහා නොවෙයි ,ඒ පාලනය වෙනස් කිරීම සඳහා පමණයි ඔවුන්ට අවශ්‍ය ආකාරයට කටයුතු වෙන්න ඕනි කියලා?

පිළිතුර -: කවුරු මොනවා කිව්වත් අහන එක්කෙනා සිහිබුද්ධියෙන් අහන්න ඕනි.අපි ජනතාවගෙන් අහමු ,ජනතාව එතකොට තීන්දුව ලබා දෙයි.අපේ රටේ ජනතාව මැතිවරණයට කැමතියි.අපේ දිස්ත්‍රික්කයේ නාම යෝජනා ගන්න පෝලිමේ එනවා.

ආණ්ඩුව දැන් ණය ගෙවන එක නවත්තලා තියෙන්නේ.ණය ගෙව්වේ නැතිවුනාම අතේ මුදල් තියෙනවා.ඒ නිසයි අද පෝලිම් නැතිවුනේ.සමහරු පෙන්වනවා මේක ලොකු ආර්ථික ජයග්‍රහණයක් වශයෙන්.මේක ආර්ථික ජයග්‍රහණයක් නෙවෙයි මේක ප්‍රශ්නය කල් දැමීමක්.මැයි මාසේ ඉඳන් මේ ණය නැවත ගෙවන්න ඕනි.මහ බැංකුවේ අධිපතිවරයා ශ්‍රී ලංකාව බංකොලොත් බව කියපු නිසා වත්මන් ජනාධිපතිවරයාට අස්වැසිල්ලක් ලැබුණා.ඒක පිට දාලා දැන් ණය ගෙවන්නේ නෑ.

අපේ රටේ ප්‍රශ්නය අපි කවුරුත් තේරුම් ගන්න ඕනේ.වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 12 ක් ඕනේ.බිලියන 6 කන බොන , කාරණා සඳහාත් ,බිලියන 6 ක් ණය ගෙවීම සඳහා අවශ්‍යයි.2025 වෙනකන් මේක ගෙවන්න ඕනේ.රට කවුරුහරි පාලනය කරනවා නම් වසරකට මේ බිලියන 12 හොයන්න ඕනි.රාජ්‍ය ඇමතිතුමාගෙන් මම පාර්ලිමේන්තුවේදී ඇහුවේ ඒකයි අනං මනං කියන්නැතුව වසරකට බිලියන 12 ක් හොයාගන්න හැටි කියන්න කියලා.

ප්‍රශ්නය -: සජබආණ්ඩුවක් යටතේ මේ බිලියන 12 හොයන්න පුලුවන්ද?

පිළිතුර -: අලුත් ආණ්ඩුවක් පත් වුනාම ජනතාව ආණ්ඩුවත් සමඟ ඉන්නවා.අපේ රටේ අරගලයක් ඇති වුණා,ජනාධිපති,අගමැති,කැබිනට් මණ්ඩලය,ඉල්ලා අස් වුණා ජාත්‍යන්තරය මේවා දන්නවා මෙහෙම ආණ්ඩුවකට ජාත්‍යන්තරය උදව් කරන්නේ නෑ.මේක තේරුම් ගන්න ඕනි.අලුත් ආණ්ඩුවක් ආවොත් ජාත්‍යන්තරයේ පමණක් නෙවෙයි රටේ ජනතාවත් ආණ්ඩුවට කාලේ දෙනවා මේ ප්‍රශ්න විසදන්න.

යුද්ධය කාලෙත් විදේශ රැකියා ප්‍රේෂණ මගින් අපේ රටට ඇමරිකානු ඩොලර් බිලියන 8 ක් ආවා.නමුත් අද වන විට විදේශ ප්‍රේෂණ බිලියන 1 ටත් අඩුවෙන් එන්නේ.අපේ රටේ මිනිස්සු වත් ආණ්ඩුව ගැන විශ්වාසයක් තියලා නෑ.අපේ මිනිස්සු සල්ලි එවන්නේ නැතිනම් විදේශිකයන් අපිට මුදල් ලබා දෙයි ද?අලුත් ආණ්ඩුවක් රටට අවශ්‍යයි.

SendShareShare
Previous Post

ඩොලර් හොයන්න දාපු ජනාධිපතිගේ දේශගුණ උපදේශක ‌සොල්හයිම් චීනෙන් සංචාරකයන් එනකම් බලා සිටී!

Next Post

ඊයේ මගනැගුම සභාපතිට කිරිබත්වලින් ගහලා හූ තිබ්බා! අද අපනයන සංවර්ධන මණ්ඩලේ සභාපති කතා කරන්න යද්දී ඔක්කොම සේවකයන් නැගිටලා පස්ස පෙන්නගෙන යනවා! වැඩ බැරි දේශපාලන හෙංචයියො ප්‍රතික්ෂේප කරන අලුත් රැල්ලක් රටේ හැදීගෙන එනවා වගේ! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.