• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාකටින් GOTA (විමලසිරි ගම්ලත්ගේ ‘රටේ පැත්ත’)

July 4, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
ගෝඨා ‘ගෝඨාව’ තහනම් කරයි
Share on WhatsAppShare on Facebook

“අයිය දේශපාලනය කරන්න. මම රට හදන වැඬේ කරන්නම්”
මෙහෙම කිව්වෙ වෙන කවුරුවත් නොව වත්මන් අගමැති මහින්ද රාජපක්ෂය. මහ මැතිවරණයේ තමන් නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් මහින්ද මේ කතාව කියා සිටියේය. මෙහිදී මහින්ද වැඩිදුරටත් කීවේ පසුගිය දිනෙක ගෝඨා හා තමන් අතර පැවැති සාකච්ඡාවකදී තමාට දේශපාලනය කිරීම නුපුරුදු බැවින් තමන් රට හදන වැඬේ කරන බව ගෝඨා තමන්ට දැනුම්දුන් බවත්, රට ඇතුළේ දේශපාලනය කිරීම තමන්ට භාරදුන් බවත්ය.
ගෝඨා කියපු මේ කතාව සහතික ඇත්තය. මොකද ගෝඨා යනු දේශපාලන සත්වයෙක් නොවේ. ගෝඨා යනු යම් විනය නීති රීති මාලාවකට අනුව, සිස්ටම් එකකට අනුව, දැක්මක් ඇතිව කටයුතු කළ පුද්ගලයෙකි. ගෝඨා ළඟ දේශපාලකයන් සතුව තිබෙන පුහු ආටෝප, බොරු මවාපෑම්, බොරු කීම්, ජනතාව සමඟ සමීප සබඳතා පවත්වා ගැනීම් ආදිය නැත. කොටින්ම කිවතොත් ගෝඨා ළඟ දේශපාලකයන් සතුව ඇති පී.ආර්. එක නැත. ගෝඨා දන්නේ ඉලක්කයට අනුව වැඩ කරන්නටය. එහිදී තමා සමඟ තමා වටේ සිටින නිලධාරීන් පවා එකට දිවිය යුතු බව ගෝඨාගේ හැඟීමය.
ගෝඨා පසුගිය ජනාධිපතිවරණය දිනුවේද මේ සිස්ටම් එකෙන්ය. මොකද ඒ වන විට මුළු රටේම ජනතාවට දේශපාලකයන්ගේ වැඩ ගැන තිත්ත වී තිබිණ. දේශපාලකයන් කියන පට්ට පල් බොරු අසා එපා වී තිබිණ. ඒ නිසා රටේ ජනතාව හෙව්වේ බොරු නොකියන, බොරු නොකරන කෙළින් කතා කරන නායකයෙකි. ඒ සියල්ල තිබුණේ ගෝඨා ළඟය. ගෝඨා ජනාධිපතිවරණයේදී වැඩි ඡන්ද ලක්ෂ 15කින් ජයග්‍රහණය කළේ ඒ නිසාය.
සාමාන්‍යයෙන් ඕනෑම ඡන්දයකදී ජනමත විමසුම් කිරීම ලංකාවේ සෑම පක්ෂයක්ම සිදුකරන්නකි. එය පොහොට්ටුවට පමණක් නොව එක්සත් ජාතික පක්ෂයටද, සමඟි ජන බලවේගයටද, ජනතා විමුක්ති පෙරමුණටද කියා වෙනසක් නැත. මේ සෑම පක්ෂයක්ම මේ මොහොතේ රටේ ජනප්‍රිය කවුද, විකුණන්න පුළුවන් කොයි මාතෘකාද කියා මැතිවරණයට පෙර තියාම මත විමසුම් කොට කිරා මැන බැලීම කරයි. ඒ අනුව පසුගිය මාස දෙක ඇතුළත කළ ඒ සෑම මත විමසුමකදීම කියැවුණු පොදු කාරණාවක් තිබිණ. ඒ, මේ මොහොත වනවිටත් රටේ ජනප්‍රියතම දේශපාලන නායකයා වෙන කවුරුවත් නොව ගෝඨා බවය. ජනාධිපතිවරණයේදී ගෝඨා අත්පත් කරගෙන සිටි ජනප්‍රියතාව තවමත් ඒ අයුරින්ම ගෝඨා මේන්ටේන් කරන බවද එම මත විමසුම්වලින් වැඩිදුරටත් තහවුරු කොට තිබිණ.
හැබැයි තවත් එක් වැදගත් කාරණයක්ද මේ මත විමසුම්වලින් හෙළිදරව් කොට තිබිණ. ඒ ගෝඨා ජනප්‍රියතාවයෙන් ඉහළින්ම සිටියත් ගෝඨා එක්ක ආණ්ඩු කරන්න යන ටීම් එක ගැන නම් වැඩි ප්‍රසාදයක් ජනතාවට නැති බවය.
“එතකොට හැම දේශපාලකයෙක්ගේම ජනප්‍රියතාව කඩාගෙන වැටෙද්දි ගෝඨා විතරක් තමන්ගෙ ජනප්‍රියතාවය එක දිගටම අල්ලගෙන හිටියෙ කොහොමද?”
අද කවුරුත් කතා නොකරන මාතෘකාව මේකය.
ගෝඨා තමන්ගේ මේ ජනප්‍රියතාවය දිගටම මේන්ටේන් කළේ තමන්ටම හුරු පුරුදු සිස්ටම් එකෙන්ය. මොකද මේ රටේ ජනතාවට දේශපාලකයින් ගැන තියෙන අපුල ගෝඨා හොඳින් දනී. දේශපාලකයන්ගේ පුරුදු අපුල බව ගෝඨා හොඳින් දනී. දේශපාලකයන්ගේ පුරුද්ද, කැමැත්ත වන්නේ මයික් එකක් දැක්කහම කතා කිරීමත්, තමන්ගේ මූණ හැම වෙලාවේම ටීවී එකේ දාගැනීමත්, තමන්ගෙ වොයිස් කට් රේඩියෝවලින් ප්‍රචාරය වීමත්, තමන්ගේ කතා හැම පත්තරයකම යෑමත්, හැම තාප්පයකම, ලයිට් කණුවකම එල්ලී සිටීමත් බව ගෝඨා දනී. දේශපාලකයන්ගේ ඒ පුරුද්ද මේ රටේ ජනතාවට තිත්ත වී ඇති බවද ගෝඨා හොඳින්ම දනී. මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පටන් ගනිද්දීම පොහොට්ටුවේ සියලුම දේශපාලකයන්ට තමන්ගේ ඡායාරූපය යොදා නොගන්නා ලෙස ගෝඨා නියෝගයක් නිකුත් කළේ ඒ අනුවය. මොකද මොනයම් හෝ අපේක්ෂකයකු මැතිවරණයේදී වැරැද්දක් කළහොත් හෝ ඡන්ද නීති කැඩුවහොත් ඒ සියල්ල යන්නේ තමන්ගේ පිටින් බව ගෝඨා තේරුම් ගෙන සිටීම ඊට හේතුවය.
ඒ අනුව අද අනෙක් දේශපාලකයන්ගේ මෙන් ගෝඨාගේ මුහුණ හැමදාම ටීවී එකේ පේන්නේ නැත. ෆේස්බුක්, යූටියුබ්, ට්විටර්වල දැකගන්න නැත. පත්තරවල දැකගන්න නැත. මේ විදිහට ටීවී, පත්තරවලින්, ෆේස්බුක්, යූටියුබ්වලින් උස්සන දේශපාලකයන්ව බැලුම් බෝලය පිපුරුණාක් මෙන් කඩා වැටෙන්නට යන්නේ සුළු මොහොතක් බව ගෝඨා තේරුම්ගෙන සිටීම මේ ජනප්‍රියතාවය මේ විදිහටම තියාගෙන යෑමේ රහසය.
අනෙක් අතට ගෝඨා මේ විදිහට සිය ජනප්‍රියතාවය රැකගෙන සිටීමට බලපෑ තවත් හේතු දෙකක් තිබේ. ඉන් එකක් වන්නේ ගෝඨා කොරෝනා වෛරසය පාලනය කළ ආකාරයය. අනෙක වන්නේ හොරකම් සිදුවන බවට විශාල අපවාදයක් එල්ල වී තිබූ මහ බැංකුව හැන්ඞ්ල් කළ ආකාරයය.
කොරෝනා පාලනයේදී ලෝකයේ බලගතුම රාජ්‍යයන්වල නායකයන් හතරගාතෙ දා වැටෙද්දී ගෝඨා සිය සම්පූර්ණ කාලයම කැපකොට කොරෝනා පාලනයට සැලැසුම් සකස් කළේය. වහාම ආරක්ෂක අංශ කැඳෙව්වේය. බුද්ධි අංශ කැඳෙව්වේය. සෞඛ්‍ය අංශ කැඳෙව්වේය. මාධ්‍ය කැඳෙව්වේය. කාර්ය සාධක බළකා පිහිටෙව්වේය. කොරෝනා ගෑවුණු හැම තැනක්ම තිතටම සොයාගන්නා සැලැසුම් සකස් කළේය. ඇමෙරිකාව, චීනය, බි්‍රතාන්‍යය, රුසියාව, ඉන්දියාව, ජර්මනිය, යුරෝපය වැනි දැවැන්තයින් බිමටම වැටෙද්දී ගෝඨා ලංකාව කොරෝනාවලින් නිදහස් කරගත්තේ එහෙමය.
“නිකමට හරි කොරෝනා එද්දි ලංකාවේ මෛත්‍රිපාලගෙයි, රනිල්ගෙයි ආණ්ඩුවක් තිබුණ නම් කොහොමට හිටීද?”
පොහොට්ටුවේ නායකයන් පහුගිය කාලයේ විපක්ෂයෙන් නෝන්ඩියට මෙන් විමසා සිටියේ මේ ප්‍රශ්නයය.
දෙවැන්න මහ බැංකුවට අදාළව ගෝඨා ගත් ක්‍රියාමාර්ගයය. පසුගිය කාලයේ හිටපු හැම මුදල් ඇමැතිවරයකුම කරපු චෝදනාවක් වූයේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මහ බැංකුව කටයුතු කරන්නේ නැතැයි කියාය. මහ බැංකුවට අරක්ගෙන සිටින එක්තරා නිලධාරී පැලැන්තියක් සෑම ආණ්ඩුවක්ම අපහසුතාවට පත්කරමින් නිලධාරීවාදයක් ගොඩනඟාගෙන ඇති බවය. ඉතින් හැම ආණ්ඩුවක්ම මේ ගැන නහයෙන් අඬ අඬා චෝදනා කරමින් සිටියා මිස මහ බැංකුවට අත තියන්න ගියේ නැත. එසේ කරන්නට ගියහොත් ආණ්ඩුවට හොම්බෙන් යන්න වන බව ඔවුහු දැන සිටියහ.
හැබැයි කොරෝනා අර්බුදයෙන් පසුව ගෝඨා ජනතාවට ලබාදිය යුතු සහන සම්බන්ධයෙන් විශාල පැකේජයක් ආණ්ඩුවේ බැංකුවලට ලබාදුන්නේය. ඊට සහාය දක්වන ලෙස මහ බැංකුවට දැනුම්දී සිටියේය. නමුත් ඒ කිසිවක් කියූ පරිදි සිදුවූයේ නැත. මහ බැංකු නිලධාරීන් පහුගිය ආණ්ඩුවලට කළ සන්තෑසියම ගෝඨාටත් කරන්න සෙට් විය. හැබැයි අලුතෙන් ආවා කියා ගෝඨා මහ බැංකුවේ මේ සත්තම්වලට කොන්ද පාත් කළේ නැත. ඒ අනුව ගෝඨා කළේ මහ බැංකු නිලධාරීන් සියල්ලම ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා බඩ පිරෙන්නම දීමය. එපමණක් නොව ඒ දුන්නු දිවිල්ලේ වීඩියෝව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් මාධ්‍යයටද ලබාදී තිබිණ. පහුගිය කාලයේ සමාජ මාධ්‍ය ජාලාවල වැඩිම හරියක් ජනතාව බලා තිබූ වීඩියෝව එය විය.
ගෝඨාගේ මේ දීම පැය 24න් වැඩ කළේය. ඉතිහාසයේ පළමු වතාවට මහ බැංකුව ලයිට් දමාගෙන මැදියම් රෑ වන තෙක් වැඩකර රට හදන යෝජනාවලිය ගෝඨාට ලබාදීමට කටයුතු කළේය. එමෙන්ම ගෝඨා දෙන්න කී සහන පැය 24ක් යෑමට මත්තෙන් රටටත්, ජනතාවටත් ලබාදුන්නේය. වසර ගණනාවක් තිස්සේ ඇදි ඇදී තිබුණු ඊ.ටී.අයි. මුදල් ගෙවීම් වහාම අවසන් කර දැමීමට තීන්දු කළේය.
“ඉතින් මේ විදිහට කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න පුළුවන්, තමන්ගේ ස්ටයිල් එකේම වැඩ කරන ශක්තිමත් පාර්ලිමේන්තුවක් මේ පාර මහ ඡන්දෙන් ගෝඨාට හදාගන්න පුළුවන් වෙයිද?”
“ගෝඨාගෙ මේ ජනප්‍රියතාවය හරි විදිහට කැම්පේන් කරගන්න පොහොට්ටුවෙ නායකයන්ට පුළුවන් වෙයිද?”
ප්‍රශ්නය තියෙන්නේ එතැනය.
තුනෙන් දෙකක ආණ්ඩුවක් හදාගන්න හරි, ඒ බැරි වුණත් අඩුම තරමේ 125ක බහුතර පාර්ලිමේන්තුවක් හදාගන්න හරි පොහොට්ටුවේ නායකයන් තමන්ගෙ කැම්පේන් එකට ගෝඨගෙ ජනප්‍රියතාව හරි හැටි උපයෝගී කරගන්න ඕනෑය. එය හරි පරිස්සමින් කරන්න ඕනෑ වැඩක්ය. මොකද ගෝඨාව පොහොට්ටුවේ ස්ටේජ් එකට ගන්නවා නම් පොහොට්ටුවේ නායකයනුත් පීනන්න ඕනෑ ගෝඨා රැල්ලේමය. එහෙමත් නැත්නම් ගෝඨා රට ඇතුළේ හදාගත් ප්‍රතිරූපය ඇතුළේය. එහෙම නැතුව වෙනදා වගේ තමන්ට සුපුරුදු ජනප්‍රිය රැල්ලේ පොහොට්ටු නායකයන් පීනන්නට ගියහොත් අන්තිමේදී සිද්ධවන්නේ තුනෙන් දෙකේ ආණ්ඩු හැදිල්ලත් එක්කම ගෝඨාගේ ජනප්‍රියතාවයටත් පහර වදින එකය.

විමලසිරි ගම්ලත්

SendShareShare
Previous Post

ගෝඨා හින්දා ගුටි කන සියනෑවේ වියතා

Next Post

බැසිල් පළමුවරට කළුතරින් අද එළියට බසී

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.