කඵතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරිම අද (04) පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.
බැසිල් රාජපක්ෂ මහතා 2020 මහ මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ප්‍රධාන මෙහෙයුම් කටයුතුවලට අමතරව ප්‍රචාරණ කටයුතු සඳහා සහභාගී වන පළමු අවස්ථාව මෙයවේ.
මෙහිදි බුලත්සිංහල පක්ෂ ක්‍රියාකාරීන් ඇතුඵ ප්‍රදේශවාසී ජනතාව හමුවීමටද නියමිතය.
කඵතර දිස්ත්‍රිකයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් ද මෙම අවස්ථාවට සහභාගී වේ. කඵතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශ 08 කින් සමන්විත අතර, එක් එක් පක්ෂයන් නියෝජනය කරමින් අපේක්ෂකයින් 13 දෙනෙකු බැගින් මහ මැතිවරණයට තරඟවදී. ඉන් නියෝජිතයින් 10 දෙනෙකු එළඹෙන මහ මැතිවරණයෙන් තෝරාපත් කරගැනීමට නියමිතය.










