දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ (12) රාත්‍රියේ ඉතා දීර්ඝ සාකච්ජාවක් පැවැත්වී ඇති බව වාර්තා වේ.
විජේරාම මාවතේ පිහිටි අගමැති නිල නිවෙසේදී මෙම හමුව පැවැත්වී ඇත.
එහිදී ද්‍රවිඩ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් සුමන්තිරන් මහතා හා අගමැතිවරයා අතර දීර්ඝව සාකච්ජා වී තිබේ.
ඔවුන් සම්බන්ධයෙන් සියලු තොරතුරු සුමන්තිරන් මහතා අගමැතිවරයා වෙත ලබා දී ඇති බවද දැනගනන්ට ඇත.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා සමග සාකච්ජා කරන ලෙස අගමැතිවරයා සුමන්තිරන් මහතාට දැනුම් දී ඇති අතර ඔහුද ඊට එකගතාව පළ කොට ඇති බව දැනගන්නට තිබේ.
පසුගියදා අරලියගහ මන්දිරයේ පැවැති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමටද දෙමළ ජාතික සන්ධානය සහභාගී වූ අතර එහිදී ඇති කරගත් එකගතාවන් මත මෙම හමුව පැවැත්වී ඇති බව වාර්තා වේ.










