• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද හදපු දියගම ‘මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය’ බලන්න රනිල් යයි! PHOTOS

March 25, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
මහින්ද හදපු දියගම ‘මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය’ බලන්න රනිල් යයි! PHOTOS
Share on WhatsAppShare on Facebook

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යවරුන් මෙන්ම ක්ෂේත්‍රයේ විශේෂඥයන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ, විපක්ෂ මන්‍ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් සමන්විතව එම කමිටුව පත් කිරීමට ද ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ අද (25) පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

සෑම ක්‍රීඩා ඉසව්වක්ම නියෝජනය වන පරිදි දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනෙකු බැගින් තෝරාගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ පුහුණුව ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සෑම වසරකම අඛණ්ඩව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළින් ජාත්‍යන්තරය ජයගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් වසර කිහිපයක් තුළ මෙරට බිහිකළ හැකි බව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

දරුවන්ගේ ක්‍රීඩා කුසලතා වයස අවුරුදු 10-12 අවධියේ දී හඳුනාගත යුතු අතර ඒ අනුව ඉදිරියට යාමට ඔවුන්ට අවස්ථාව සලසා දීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

කොළඹ ප්‍රධාන පාසල් ප්‍රමුඛව දිවයිනේ පාසල් 100ක බේස් බෝල් ක්‍රීඩාව මේ වසර තුළදී ප්‍රචලිත කිරීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා බේස් බෝල් ක්‍රීඩාවෙන් ආසියාවේ ප්‍රධානම රට බවට ශ්‍රී ලංකාව පත්කර ගත යුතු බවද කියා සිටියේය.

විවිධ ක්‍රීඩා ඉසව්වලින් රට නියෝජනය කර, විශ්‍රාම ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම සුදුසුකම මුලික සුදුසුකමක් සේ සලකා උපාධිය සම්පුර්ණ කිරීමට අවස්ථාව සලසාදීමේ වැදගත්කම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

අද පෙරවරුවේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය වෙත පැමිණි ජනාධිපතිවරයා ප්‍රධාන ක්‍රීඩා පථය, බේස් බෝල් පිටිය සහ පුහුණු ක්‍රීඩා පථය වෙත ගොස් එහි ක්‍රීඩාවල නිරත වෙමින් සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තොරතුරු විමසමින් සුහද කථා බහ නිරත විය.

ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ පුහුණුවීම් සදහා ඇති පිහිණුම් තටාකය, ක්‍රිකට් ක්‍රීඩාංගණය, ක්‍රීඩා පථ ඇතුළු බොහෝ ස්ථාන පුහුණු කටයුතු සදහා නුසුදුසු මට්ටමක පවතින බව මෙහිදී නිරීක්ෂණය කෙරිණි.
ඒ අනුව ප්‍රමුඛතා ලයිස්තුවක් සකස් කර, එම යටිතල පහසුකම් සංවර්ධනයට පියවර ගන්නා ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා ක්‍රීඩා සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් රජය වෙන් කර ඇති බවත්, නිලධාරීන් අසත්‍ය වාර්තා ඉදිරිපත් කරමින් අනවශ්‍ය වියදම් පෙන්වා දීම සිදු නොකළ යුතු බවත් පැවසූ අතර, එලෙස මුදල් ලබා දීමට මෙම අවස්ථාවේ රජයට හැකියාවක් නැති බව කියා සිටියේය.
මෙම ක්‍රීඩාංගණයේ නඩත්තුව පිළිබඳව පසුගිය කාලයේ ක්‍රීඩා අමාත්‍යාංශය නිසි අවධානයක් යොමු කර නොමැති අතර, වැය කරන සෑම සතයක් පිළිබදවම රජය වගකිව යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
දිවයිනේ සියලුම පාසල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා අභ්‍යාවල නිරත විය හැකි සම්පූර්ණ ක්‍රීඩා සංකීර්ණයක් ලෙස දියගම, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය පවත්වාගෙන යා යුතු බවට වැඩිදුරටත් උපදෙස් දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය ඉදිරියේ දී ක්‍රීඩා උපාධිය සම්පූර්ණ කළහැකි ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් බවට පත්කර ගැනීමේ ඉලක්කය අනුව කටයුතු කළයුතු බව ද පැවසීය.
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් ලාල් චන්ද්‍රසිරි මහතා විසින් මෙහිදී ක්‍රීඩා සංකීර්ණයේ වත්මන් තත්ත්වය සහ අවශ්‍යතා පිළිබඳ පැහැදිළි කිරීමක් සිදු කරනු ලැබිය.
වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත, හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග, යුද හමුදාපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිදු ගුණරත්න, ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-03-25

SendShareShare
Previous Post

ඇමැති බන්දුලට හෝමාගමදී හූ තියලා!

Next Post

මහණ වෙන්න යනවා කිව්වාම එපා තමයි කිව්වේ! ඒත් මම ආවා! උදේ 9.30ට මහණ වුණේ! හොඳටම කඳුලු ආවා! නංගිලා මල්ලිලා මම බෑග් පැක් කරන කොට හොඳටම ඇඬුවා! මම ඉතින් ආවා! උඩුගම ශාන්තරතන පොඩි හාමුදුරුවනේ…! ඔබවහන්සේ දැන් හොඳින් පන්සලේ කම්පියුටර් ඉගෙන ගන්නවලු නේද හාමුදුරුවනේ…! සතුටුයි…! ඉඳලා හිටලා ගිහින් අර ඔබවහන්සේ එනකොට අඬපු නංගිලා මල්ලිලා බලලා එන්න…! VIDEO

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.