*මේ ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනතින් කරපු එකම දේ තමයි ශ්‍රී ලාංකික පුරවැසියා ත්‍රස්තවාදියා කියලා නිර්වචනය කරලා, හංවඩු ගහලා, දඩුකදේ ගහන්න අවශ්‍ය පිඹුරුපත් සැකසීම’ යැයි නිදහස් ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පැවසීය.
ඇමතිකම් අරගෙන ජනවරමක් නැති රනිල් රාජපක්ෂ ජුන්ටා ආණ්ඩුව සමග නිදහස ජනතා සභාවේ කිසිවෙකු හිටගන්නේ නැති බවත්, රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනවශ්‍ය කොන්දේසි දැවැන්ත ප්‍රමාණයක් සමග රට මේ ආර්ථික අර්බුදයේ දරුණු විදියට හිර කිරීමේ මේ ආදීනවවලට රජයට සහ රටට අනාගතයේදී ඉතාම දරුණු විදියට මුහුණ දෙන්නට සිද්ධ වන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
මර්ධනකාරී බදු ප්‍රතිපත්තිය නිසා විශේෂඥ වෛද්‍යවරුන් සහ වෘත්තිකයින් රට හැර යෑම සීඝ්‍රයෙන් වැඩි වී ඇති බව පෙන්වා දුන් ඒ මහතා ඉදිරියේදී සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අවධානමකට පත්වෙන්න ඉඩ තිබෙන බවද කියා සිටියේය.
*මහින්දානන්ද අලුත්ගමගේලා මෙන්න සමගි ජන බලවේගයෙන් අහවලා හෙට එනවා, මෙන්න කිහිප දෙනෙක් හෙට එනවා කියමින් වහසිබස් දොඩවනවා. මේ අයගේ ප්‍රාර්ථනාව සහ උත්සාහය තමයි මේ තියෙන්නේ.* ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ලෙස ලැබුණු ඩොලර් මිලියන 333 දේශපාලන පොරොන්දු විදියට විනාශ කරලා දාලා තවදුරටත් රජය බංකොලොත් ආර්ථිකයක් බවට යලි ප්‍රකාශ කරගැනීමේ අවස්ථාවේ තමයි රජය කටයුතු කරන්නේ. යැයිද ඒ මහතා ප්‍රකාශ කළේය.










