හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු මහබැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ ඩබ්.ඩී. ලක්ෂ්මන් යන අයට, ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ව අනුමැතියකින් තොරව රට හැර යාම වළක්වන ලෙස ඉල්ලමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සහ තවත් සිවිල් පුරවැසියන් එක්ව මෙම පෙත්සම කලින් ගොනුකර තිබුණු අතර, එය සලකා බැලීමට නියමිතව ඇත්තේ ජූලි මාසයේ 27 වන දා ය.
කෙසේ වෙතත්, රට තුළ උද්ගතව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදාල පෙත්සම ජූලි මාසයේ 14 වන දා ම සලකා බලන ලෙස ඔවුන් අද යළිත් අධිකරණය හමුවේ කරුනු දක්වා තිබේ.
මෙම පිරිස මේ මොහොතේ රටින් පලා ගියහොත් එය යළි පියවා ගත නොහැකි පාඩුවක් බව පෙත්සම්කරුවෝ පවසති.










