සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා විසින් රචිත “නොකියූ කතා” (Untold Stories) ග්රන්ථය අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීය.
තිස්ස අත්තනායක මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ සුව දුක් විමසීමට ගොස් තිබිණි.
ඊට කෘතගුණ දක්වනු වස් විශේෂ අවස්ථාවක් ලෙස සලකමින් “නොකියූ කතා” සහ “තිස්ස” යන ග්රන්ථ ද්විත්වය ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.
මීට පෙර මෙම කෘතිය අගමැතිවරයාටද පිළිගැන්වීමට අත්තනායක මහතා පියවර ගෙන තිබිණ.










