• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

මහින්දගේ ‘ලකී 8’ සහ අනුප්‍රාප්තිකයන්ගේ ශෝකප්‍රාප්තිය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!

April 22, 2023
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
මහින්දගේ ‘ලකී 8’ සහ අනුප්‍රාප්තිකයන්ගේ ශෝකප්‍රාප්තිය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!
Share on WhatsAppShare on Facebook

මහින්දගේ වාසනාවන්ත අංකය යැයි කියන්නේ 8ය. මහින්ද ලංකාවේ ජනාධිපති වුණු ජනාධිපතිවරණය පැවැතියේ 2005 නොවැම්බර් 17ය. 17 කියන්නේ 1+7 එකතු කළ විට 8ය. මහින්ද 2010 ජනාධිපතිවරණය තිබ්බේත් ජනවාරි 26ය. 26 කියන්නේ 2+6 එකතු කළාම 8ය. මහින්ද 2010 මහ මැතිවරණය තිබ්බේ 2010 අප්‍රේල් 8ටය. මේ හැම ඡන්දයක්ම මහින්ද දින්නේය. හැබැයි 2015 ජනාධිපතිවරණය ජනවාරි 08 තියලා මහින්ද පරාජය විය. ඊට පස්සේ මහින්දට කවදාවත් මහින්දගේ වාසනාවන්ත දිනයක ඡන්දයකට මුහුණ දෙන්න අවස්ථාව ලැබුණේ නැත. හැබැයි මහින්දගේ අවාසනාවන්තම දිනය වුණේත් 8ය. ඒ, 2022 මැයි 08ය. මහින්දට අගමැතිකම දමලා ගහලා පණ බේරාගන්න අරලියගහ මන්දිරයෙන් පැනලා යන්න සිද්ධ වුණේ මැයි 08ය. ඒ මැයි 08ට මේ මැයි 08 අවුරුද්දක් විතරයි. විජේරාම පැත්තේ ආරංචි මාර්ග කියන්නේ මේ මැයි 08 මහින්ද යළි වාසනාවන්ත දිනයක් කරගන්න හදනවා කියාය.

‘ඒ කියන්නේ…?’

ඒ කියන්නේ මහින්ද මේ මැයි 08 ආයෙත් අගමැති වෙන්න ට්‍රයි එකක් දෙනවාද?

‘රනිල් මහින්දව අගමැති කරයිද…?’

ලංකාවේ ජනාධිපතිකමට හෝ අගමැතිකමට පත්වෙන අනුප්‍රාප්තිකයන්ගේ නිධන්ගත ලෙඩක් තිබේ. ඒ ලෙඩේ නම් තමන්ට අනුප්‍රාප්තිකකම හිමි වුණු එක්කෝ ඝාතනය වුණු නැතහොත් ධුරය දමලා ගිය නායකයා සහ ඔහුගේ අනුගාමිකයන්ට බය වී ඔවුන් සමග වෛර බැඳගැනීමය.

ලංකාවේ පළමු වැනි අනුප්‍රාප්තික අගමැති දහනායකය. ඔහු අගමැති වුණේ 1959 බණ්ඩාරනායක ඝාතනයට පසුවය. දහනායකට අගමැති ධුරය හිමි වුණේ අහම්බයෙනි. අගමැති විය යුතුව තිබුණේ සී.පී. ද සිල්වාය. ඔහු ලෙඩ වී බණ්ඩාරනායක ඝාතනයට පෙර ප්‍රතිකාර ගන්න ලන්ඩන් ගියේය. දහනායකට පිනා චාන්ස් එක වැදුණේ එතැනිනි. දහනායක අගමැති වී පළමුවෙන්ම කළේ ඔහුව අගමැති කරන්න උදව් කළ බණ්ඩාරනායකගේ සගයන්ට පහර දීමය. ඒ වගේම ඔහු බණ්ඩාරනායක පවුල කොන් කොට බණ්ඩාරනායක ඝාතන පරීක්ෂණ යට ගසා ඒ ඝාතනයට සැකකොට කොන් කොට සිටි ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට මැති ඇමැතිකම් දුන්නේය. ඔහු මැති ඇමැතිකම් දුන්න බොහොමයක් බණ්ඩාරනායක ජීවත්ව සිටියදී ඔහුගේ පරම හතුරන්ය. දහනායක බණ්ඩාරනායකගේ මිතුරන් කොන් කොට බණ්ඩාරනායකගේ හතුරන් ළඟට ගත්තේය. අන්තිමේ බණ්ඩාරනායකගේ සමීපතම සගයකු වූ ටී.බී. ඉලංගරත්නවත් ඇමැතිකම්වලින් පැන්නුවේය. වෙනකක් තබා හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධිය විවෘත කරන දින ඔහු සමාධිය වටා කටු කම්බි ගසා පොලිස් බලඇණි දැම්මේය. ඔහු බණ්ඩාරනායකලා සහ ඔහුගේ අනුගාමිකයන් ගැන පුදුම බයකින් සිටියේය. ඔවුන් තමාට විරුද්ධව කුමන්ත්‍රණ කරනවා යැයි ඔහු හැම තත්පරයම සැක කළේය. තමා බණ්ඩාරනායකට වඩා ජනප්‍රිය යැයි ඔහු සිතුවේය. අවසානයේ ඔහුට 1960 මාර්තු මහ මැතිවරණයේ යන එන මං නැති විය.

ඊළඟ අනුප්‍රාප්තිකයා ඩී.බී. විජේතුංගය. ඔහු ජනාධිපති වූයේ ප්‍රේමදාස ඝාතනය වීමෙන් පසුවය. ප්‍රේමදාස ඔහුව දැඩි සේ විශ්වාස කළ අතර ප්‍රේමදාස ජනාධිපති වී ඔහුට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වෙන්න කියා ඔහුව පාර්ලිමේන්තු ඡන්දයට දමා නුවර නොම්මර එක කොට අගමැති ධුරය දුන්නේය. විජේතුංග, ප්‍රේමදාස ඝාතනයට පසු ජනාධිපති වී පළමුවෙන්ම කළේ දහනායක කළ දෙයමය. එනම් ප්‍රේමදාසවාදීන්ට සහ ප්‍රේමදාස පවුලට පහර පිට පහර ගැසීමය. ඔහු ප්‍රේමදාසගේ ළඟම සගයා වූ සිරිසේන කුරේව පක්ෂ ලේකම්කමින් ඉවත් කළා පමණක් නොව පාතාලයේ සොත්ති උපාලිලා සහ ඔහු අතර සම්බන්ධය පෙන්වා කුරේට එරෙහිව භීෂණ චෝදනා ඉදිරිපත් කළේය. ඔහු කුරේව අන්ත අසරණ කළේය. ඒ වාගේම ප්‍රේමදාස පවුලට එරෙහිව චෝදනා ඉදිරිපත් කළේය. ප්‍රේමදාසගේ තවත් සගයකු වූ රත්නසිරි රාජපක්ෂව පුරපති ධුරයෙන් ඉවත් කරන්න ගේම් ගැහුවේය. විජේතුංගත් දහනායක වගේ ප්‍රේමදාසලාට සහ ප්‍රේමදාසගේ අනුගාමිකයන්ට බය විය. ඔවුන් තමාට එරෙහිව කුමන්ත්‍රණ කරනවා යැයි සිතුවේය. තමා ප්‍රේමදාසට වඩා ජනප්‍රිය යැයි සිතුවේය. ප්‍රේමදාසගේ පරම හතුරන් වූ අනුර, රොනී, ගාමිණීව ඔහු ආණ්ඩුවට ගත්තේය. ඔවුන් ලව්වා ප්‍රේමදාසලාට ගැස්සෙව්වේය. ඔහුගේ සමීපතම උපදේශකයන් වූයේ ප්‍රේමදාස විරෝධීන්ය. හැමෝම සිතුවේ ඔහු යළි ජනාධිපති වෙයි කියාය. හැබැයි ඔහු දේශපාලනයේ නන්නත්තාර වී අනාත වී ගියේය. ඔහුත් ජනාධිපති වූ දින සිට ජාතික ආණ්ඩු හදන්න සංදර්ශන පෙන්නුවේය. බණ්ඩාරනායකගේ ඔටුන්න හිමි කුමරා අනුර, සේනානායකවරුන්ගේ ඔටුන්න හිමි කුමරා රුක්මන් සේනානායක එක්ව ශ්‍රීලනිපය දෙකඩ කොට ජාතික ආණ්ඩුවක් හදන බවට පාරම්බෑවේය. අවසානයේ ඔහුට ආණ්ඩුවත් නැති විය. ජනාධිපතිකමත් නැතිවිය. පක්ෂ නායකත්වයත් නැතිවිය. පක්ෂයත් නැතිවිය.

ලංකාවේ තුන්වැනි අනුප්‍රාප්තිකයා රනිල් වික්‍රමසිංහය. ඔහු දහනායක සහ විජේතුංග මෙන් නොව අනුප්‍රාප්තික වූයේ රාජ්‍ය නායකයා ඝාතනය වෙලා නොව රාජ්‍ය නායකයා රාජ්‍ය නායකත්වය අතහැර දමා ගිය නිසාය. අනෙක දහනායක අනුප්‍රාප්තික වූයේ මහජන ඡන්දයෙන් මන්ත්‍රී වී බණ්ඩාරනායකගේ දෙවැනියා වූ සී.පී. ද සිල්වා ළඟට ජ්‍යෙෂ්ඨතමයා වීම නිසාය. විජේතුංග ජනාධිපති වූයේ මහජන ඡන්දයෙන් පත්වී පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්තෙන් අගමැති වූ නිසාය. දහනායක බණ්ඩාරනායක නියෝජනය කළ ශ්‍රීලනිපයේ නායකයෙකි. විජේතුංග ප්‍රේමදාස නියෝජනය කළ එජාපයේ නායකයෙකි. හැබැයි රනිල් මහජන ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරයෙක් නොවේ. ඔහු 2019 බලයට පත් පොදුජන පෙරමුණේ සාමාජිකයෙක්ද නොවේ. එයිටත් වඩා රනිල් මහජන ඡන්දයෙන් පරාජයට පත්වූ අපේක්ෂකයෙකි. රාජපක්ෂවරු රනිල්ව අගමැති කොට ජනාධිපති කළේ ඔහු තමාවත්, තම අනුගාමිකයන්වත් ආරක්ෂා කරයි කියලාය.

හැබැයි රනිල්ටත් දහනායකට විජේතුංගට හැදුණු ලෙඩේ හැදෙයි කියලා රාජපක්ෂලා හිතන්න නැතුව ඇතිය. රනිල් රාජපක්ෂලා සහ රාජපක්ෂලාගේ අනුගාමිකයන්ගේ පවු ආරක්ෂා කළත් ඔවුන්ට එරෙහි චෝදනා යට ගැහුවත් දේශපාලනයේ ඔවුන්ට නැගිටින්න දෙන්නේ නැත. හේතුව රනිල් දහනායක සහ විජේතුංග හිතුවා සේ ඔවුන් තමාට විරුද්ධව කුමන්ත්‍රණ කරයි කියලා බයය. රනිල් රාජපක්ෂලාට හෝ අනුගාමිකයන්ට ඇමැතිකම් නොදෙන්නේ ඔවුන්ට තියෙන බය නිසාය. ඔවුන් තමන්ව අගමැති කොට ජනාධිපති කළ විදියටම තමන්ගෙන් ජනාධිපතිකම උදුරාගනී කියලා රනිල් බයය. ජනාධිපතිකම උදුරාගත නොහැකි වුවත් තමාගේ තටු කපා තමාව ජනාධිපති මන්දිරයේ හිරකාරයෙක් කරයි කියලා ඔහු බයය. රනිල් හිතන්නේ දහනායක සහ විජේතුංග හිතුවා වගේ තමා දැන් රාජපක්ෂලාටත් වඩා ජනප්‍රියයි කියලාය. මේ ලෙඩේ බෝ වුණාම දේශපාලනයේ වල්මත් වීම ස්වභාවිකය. දැන් රනිල්ට රාජපක්ෂලා සහ අනුගාමිකයන් පේන්නේ හතුරන් වගේය.

දහනායක, බණ්ඩාරනායකලාගේ අනුගාමිකයන් විශ්වාසයට ගෙන බණ්ඩාරනායක ඝාතකයන්ට දඬුවම් දී ශ්‍රීලනිපයේ ආරක්ෂකයා වූවා නම් ලොව ප්‍රථම අගමැතිනිය ශ්‍රීලනිපයෙන් බිහි වන්නේ නැත. එසේ වූවා නම් 1960 මාර්තු ඡන්දයෙන්ම දහනායක ජන වරමකින් අගමැති වීමට ඉඩකඩ තිබිණි.

විජේතුංග, ප්‍රේමදාස අනුගාමිකයන් විශ්වාසයට ගෙන ප්‍රේමදාස ප්‍රතිපත්ති ආරක්ෂා කළා නම් 1994 දී යූ.ඇන්.පී.ය. පරදින්නේ නැත. එහෙනම් 1994දීත් ජනාධිපති විජේතුංගය. ඔහු ජනාධිපති වන්නේ ජන වරමකින්ය. ඔහු කළ ලොකුම වරද පක්ෂයේ ඡන්ද මැෂිම වූ සිරිසේන කුරේ ඉවත් කොට පක්ෂ යාන්ත්‍රණයක් ගැන දැනුමක් නැති දොස්තර විජේසේකරව ලේකම් කිරීමය. රටේ මහ විශාල ප්‍රේමදාස විරෝධයක් තිබිලත් බස්නාහිර සහ දකුණ හැරෙන්න අනෙක් සියලු පළාත් සභා යූ.ඇන්.පී.ය දින්නේය. එයින් පෙනුණේ ප්‍රේමදාස මියගියත් ගම ප්‍රේමදාස එක්ක සිටි බවය. ප්‍රේමදාස ප්‍රතිපත්ති රැකගෙන විජේතුංගගේ ප්‍රජාතන්ත්‍රවාදත් පෙන්වාගෙන ඡන්දයට ගියා නම් චන්ද්‍රිකා ජනාධිපති වන්නේ නැත.

‘ඒ කියන්නේ රනිල්ටත් දහනායකටයි විජේතුංගටයි වෙච්ච දේම වෙයිද…?’

මහින්දගේ වාසනාවන්ත 8 මොනවා වෙයිද කියන්න දන්නේ නැත. කොහොමත් ලංකාවේ අනුප්‍රාප්තිකයන්ගේ අවසානය ශෝකප්‍රාප්තියකි.

උපුල් ජෝෂප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ප්‍රේමදාස පවුල හාස්කම් සපිරි සේරුවාවිල සිරිපතුලට වීදුරු කුටියක් පූජා කරයි! VIDEO & PHOTOS

Next Post

IMF එකෙන් ලංකාවේ ප්‍රශ්නය විසඳන්න බෑ! ඇමෙරිකාවෙන් විශේෂ ප්‍රකාශයක්!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.