අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබන සදුදා (04) දින අරලිය ගහ මන්දිරයට සියලුම හිටපු මන්ත්‍රීවරුන් කැදවා ඇති අතර මේ වනවිට ඊට විවිධ පක්ෂ වෙතින් මිශ්‍ර ප්‍රතිචාර ලැබෙමින් පවතින බව දැනගන්නට තිබේ.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම මෙම රැස්වීමට සහභාගී වීමට දැනටමත් තීන්දු කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ එම රැස්වීම වර්ජනය කිරීමට අද (01) දිනයේදී තීන්දු කර ඇත.
එම තීන්දුව ලිපියක් මගින් අගමැතිවරයාට දැනුම් දීමටද ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා අද දිනයේදී කටයුතු කොට තිබේ.
කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය එම රැස්වීමට සහභාගී වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තවමත් තීන්දුවක් ගෙන නොමැත.
ජවිපෙ නායකයා අද අගමැතිවරයා වෙත යැවූ එම ලිපිය මෙසේය.












