විදේශිකයන් ලංකාවට පැමිණීම ගැටලුවක් නොමැති නමුත් රටට පැමිණෙන සියලුම විදේශිකයන් පරීක්ෂා කිරීමට ලක් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ තමන් මීට පෙරද ආණ්ඩුවට මේ බව මතක් කර දුන්නද පාලකයන් ඒ පිළිබද අවධානය යොමු නොකළ බවකි.
එමනිසා නව ප්‍රබේධයේ රෝගියකු හදුනාගෙන ඇති මේ මොහොතේ වහාම දිවයිනට පැමිණෙන සියලුම රෝගීන් පරීක්ෂාවට භාජනය කරන ලෙසද විපක්ෂනායකවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.










