අභාවප්‍රාප්ත ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශ ප්‍රධානී මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (13) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
හෙට (12) පෙරවරුවේ දිසානායක මහතාගේ දේහය ඒ මහතාගේ මත්තේගොඩ පිහිටි නිවෙසට රැගෙන ඒමට නියමිතව තිබේ.
කලක සිට පැවැති රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටියදී අද (11) පස්වරුවේ ඔහු අභාවප්‍රාප්ත විය.
1967 වසරේදී උපත ලද මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා දේශීය මෙන්ම විදේශීය විශ්ව විද්‍යාල කිහිපයක අධ්‍යාපනය හදාරා තිබේ.
කලක් ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් ද කටයුතු කළ ඒ මහතා ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.










