මහර බන්ධනාගාරයේ සිදුවූ ගැටුමින් සිදුවූ මරණ ප්රමාණය 6 දක්වා ඉහළ නැග තිබේ.
එමෙන්ම අද (30) උදෑසන 5 සහ 5.30 අතරත් බන්ධනාගාරය තුළින් වෙඩි හඩ ඇසී ඇති අතර ඉන්පසුව කිසිදු සිද්ධියක් වාර්තා වී නොමැත.
එමෙන්ම රැදවියන්ගේ ඥාතීන් පවා මහර බන්ධනාගාරය අසලට පැමිණ රැදවියන්ගේ තත්ත්වය විමසා බලා තිබූ අතර මේ වනවිට ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කොට ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් මේ වනවිට බන්ධනාගාරයේ මතුව තිබූ ගැටුම පාලනය කර ඇති බව පැවසේ.










