මහ බැංකු හොරුන්ගේ සෙල්ලම් පසෙක තබා ක්‍රිකට් ක්‍රීඩකයින් සමග කරන සෙල්ලම් නතර කර මහ බැංකුව කොල්ලකාපු රනිල් ඇතුළු හොරු ටිකයි පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තනුයි අල්ලා කූඩුවට දාන ලෙස වැඩබලන පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටින බව ඇමති විමල් වීරවංශ මහතා පවසයි.
මහ මැතිවරණයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක නිරෝෂන් ප්‍රේමරත්න මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මාතර නූපේ සණස ශාලාවේදී පසුගියදා පැවති ජනහමුවකට එක්වෙමින් එලෙස පැවසූ අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
ක්‍රිකට් පාවාදීම් සිදුවූවානම් අදාළ කාලයේ පරීක්ෂණ නොකර අද පරීක්ෂණ කර සිදුකරන්නේ කාලය කාදැමීමක්. එසේ නැතිව මහ බැංකු හොරුන්ට විරුද්ධ පරීක්ෂණ ටික කරන ලෙස අපි වැඩබලන පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
යහපාලන ආණ්ඩුව අටවපු බිම්බොම්බ ටික අපි ගලවන්නම්. අපි බිම්බොම්බ ගලවන හැටි දන්නවා. බිම්බෝම්බ නිෂ්ක්‍රීය කළ යුත්තේ නිෂ්ක්‍රීය අංශයක් මගින්. අන්න එහෙම බෝම්බ නිෂ්ක්‍රීය කරන පිරිසක් පාර්ලිමේන්තුට යවන්න යැයි ඒ මහතා කියා සිටියේය.










