මහබැංකු බැඳුම්කර වංචාවේ මහමොළකරු වශයෙන් සහ රට පාවා දුන් නායකයා බවට එදා පොහොට්ටුවේ මන්ත්රීවරුන් චෝදනා කළ රනිල් වික්රමසිංහ මහතා අද එම චෝදනාවලින් නිදහස් වෙලාදැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතා ආණ්ඩුවෙන් ප්රශ්න කර සිටියේය.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළේය.










