පොහොට්ටු මන්ත්‍රීවරුන් වන ඉන්දික අනුරුද්ධ සහ ඩබ්ලිව්.ඩී. වීරසිංහ යන දෙදෙනා විසින් පාර්ලිමේන්තුවේදී ජංගම දුරකතන පැහැරගෙන මර්ණ තර්ජන එල්ල කළ මාධ්‍යවේදීන් දෙදෙනාට නැවත වතාවක් තර්ජන ඉල්ලවී ඇති බව වාර්තා වේ.
ඒ, අදාළ මාධ්‍යවේදීන් විසින් සිද්ධිය පිළිබඳ වැලිකඩ පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙස බලපෑම් කරමිනි.
ඒ පසුපස කොළඹ දිස්ත්‍රික් පොහොට්ටු මන්ත්‍රීවරයකු සිටින බව දැනගන්නට තිබේ.
මෙම මාධ්‍යවේදීන් වන්නේ කසුන් සමරවීර සහ ප්‍රගීත් පෙරේරායි.
ඔවුන් දෙදෙනා, අදාළ මන්ත්‍රීවරුන් තමන්ගේ ජංගම දුරකතන පැහැරගත් බවටත්, මරණ තර්ජන කළ බවටත්, අඩන්තේට්ටම් කළ බවටත් පොලිස් පැමිණිල්ලේ සඳහන් කොට ඇත.










