ආණ්ඩුවේ තනතුරු ලබා නොගන්නා බවට පක්ෂය තීන්දුවක් ගෙන තිබියදී ඊට පිටින් ගොස් තනතුරු ලබා ගන්නා සියලුම දෙනා පක්ෂයෙන් ඉවත් කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා තීන්දු කර ඇත.
ඒ අනුව මේ වනවිටත් උගත් තරුණ පිරිසකගේ නම් කිහිපයක්ම සිරිසේන මහතාගේ අතට ලැබී ඇති බවද දැනගන්නට ඇත.
මේ වනවිට නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන් පක්ෂ තීන්දුවට පිටින් ගොස් ආණ්ඩුවේ ඇමැතිකම් ලබා ගැනීමට තීන්දු කර ඇති අතර මේ බව ඔවුන් ඊයේ දිනයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දැනුම් දීමක්ද කර ඇත.
එහිදී හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ එසේ නම් ශාන්ත බණ්ඩාර සහ සුරේන් රාඝවන් පක්ෂයෙන් ඉවත් කළ ආකාරයටම මොවුන් පස් දෙනාද පක්ෂයෙන් ඉවත් කිරීමට සිදුවන බවකි.
ඒ අනුව යම් හෙයකින් මෙම පස්දෙනා ඇමැතිකම් ලබා ගතහොත් ඔවුන් පක්ෂයෙන් ඉවත් කිරීමටත්, ඒ වෙනුවට උගත් තරුණයන් පස් දෙනකු පත් කිරීමටත් හිටපු ජනාධපිතිවරයා තීරණය කොට ඇති බවද දැනගන්නට තිබේ.










