• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහදවල් බැංකු කඩපු හොරුත් එකයි.. අද මහදවල් හොරකම් කරන රාජපක්ෂ ආණ්ඩුවත් එකයි! මාධ්‍ය වගේ පෙනී සිටින එවුන් ගැනත් සජිත් දරුණු කතාවක් කරයි! (VIDEO & PHOTOS)

January 26, 2022
in Exclusive
Reading Time: 8 mins read
A A
මහදවල් බැංකු කඩපු හොරුත් එකයි.. අද මහදවල් හොරකම් කරන රාජපක්ෂ ආණ්ඩුවත් එකයි! මාධ්‍ය වගේ පෙනී සිටින එවුන් ගැනත් සජිත් දරුණු කතාවක් කරයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

අද වන විට රටේ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ පාලකයින්ට සියලු සුභසාධනය හිමිවීමත්, ජනතාවට කිසිවක් හිමි නොවීමත් යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමාජයකට බහුතරයක් වූ දුප්පත් ජනතාව ආරක්ෂා කරන්නට බැරිනම්, සුළුතරයක් වූ පොහොසතුන් ආරක්ෂා කිරීමට නොහැකි යැයි ජෝන් එෆ් කෙනඩි ජනාධිපතිවරයා පවසා ඇතැයි ද පැවසූ , විපක්ෂ නායකතුමා තමන්ට කිසිවිටෙක නිහඩ බහුතරය අමතක කළ නොහැකි යැයිද පැවසීය.

සමගි ජන බලවේගයට අනුබද්ධ සමග සේවක සංගමයේ පළමු සංවත්සර උත්සවය කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්විණි.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ දේශපාලන නායකකාරකාදීන් රැසකගේ සහභාගිත්වයෙනි.

සමගි ජන බලවේගය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

මේ එහිදී විපක්ෂ නායකතුමා කළ සම්පූර්ණ කතාවයි.

සමගි ජන බලවේගය අප සතු කාර්යභාරයක් තියෙනවා. ඒ කාර්යභාරය තමයි අපේ කම්කරු ශ්‍රමයට , එහි සාමාජිකත්වයට අපි වග වෙන්නත් ඕනේ වග කියන්නත් ඕනේ. මම ඔබ සියලු දෙනාටම හදපත්ලෙන්ම පොරොන්දු වෙනවා සමගි ජන බලවේගය රජයක් තුළ සාමාජිකත්වය ටත් ඔබ සියලු දෙනාටත් රටේ කම්කරු ප්‍රජාවටත් අපි වග කියනවා ඒ වගේම වග වෙනවා. එය ප්‍රකාශ කරන්නේ ඉමහත් ඉමහත් ශක්තියකින් සහ විශ්වාසයකින්. මට කිසිදාක අමතක කරන්නට බැහැ. ජේ. ආර් ජයවර්ධන මැතිතුමාගේ නායකත්වයෙන් එදා ධනපතියන්ගේ පක්ෂයක් හැටියට හංවඩු ගැසුණු පක්ෂයක වෘත්තිය සමිති ව්‍යාපාරය ආරම්භ කරල කම්කරු ප්‍රජාවගේ අයිතීන් ආක්ෂා කරපු දැවැන්ත ව්‍යායාමයක්. මට මතකයි මගේ පියාණන් විශේෂයෙන්ම විවිධ ව්‍යාපාරික ආයතන, වෘත්තිය සමිති ව්‍යාපාරයට ගොනු කරල, වෘත්තිය සමිති ව්‍යාපාරයට, කම්කරු නියෝජනයට , ඒ කම්කරු අයිතීන් සුරක්ෂා කරන වැඩපිළිවෙළක් ගලා එන ආකාරයෙන් වැඩ පිළිවෙලවල් එදා සකස් කළා. අවසානයේ අපි හොඳින් දන්නවා සාමාජික මුදල් , කම්කරුවන් ගේ මුදල් වැඩබිමේ කාලය, ශ්‍රමය, දහඩිය, මහන්සිය ඒ වගේම අරගලවලදී රුධිරය ,ජීවිත පරිත්‍යාග කරපු ඒ කම්කරුවාගේ ,මේ සාමාජිකයාගේ මුදල් අවභාවිතට පත් කරා. එක් එක් අයට විවිධ වරප්‍රසාද සඳහා එතුමන්ලාගේ සල්ලි දීමනා හැටියට ගෙව්වා . දේශපාලනඥයින්ගේ මැතිවරණ ව්‍යාපාරවලට කම්කරුවන්ගේ සල්ලි ,සාමාජික මුදල් පාවිච්චි කරලා දේශපාලනඥයෝ මැතිවරණ ව්‍යාපාර කළා. තමුන්නාන්සේලා දුකට පත් වෙනකොට පාලන තන්ත්‍රය තමුන්නාන්සේලාගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන කොට නඩු ගාස්තු ගෙවා ගන්නට බැරි තත්ත්වයකට නිර්මාණය වුණා . ඒ තමයි අමිහිරි ඉතිහාසය.ඉතිහාසය නැවත වරක් ක්‍රියාත්මක කරන්නට සමගි ජන බලවේගය ඉඩක් නැතැයි කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා .

අද වර්තමාන යථාර්තය කුමක්ද ? මහා ලොකුවට වීරයෝ කියලා, මහලොකුවට සූරයෝ කියලා රාජපක්ෂ පාලනයක් බිහි කරා . මහලොකුවට කිව්වා සෞභාග්‍යයෙ සුරපුරේ නිර්මාණය කරනවා කියලා. නමුත් බිහිවෙලා තියෙන්නෙ මේ රාජපක්ෂ පාලනය තුළ වෙන්දේසි සුරපුරයක්. මේ රටේ රාජ්‍ය දේපළ, රාජ්‍ය ආයතන , දේශීය සම්පත් මේ රටේ ආර්ථික මර්මස්ථාන කුණුකොල්ලෙට තුට්ටු දෙකට දෙස් විදෙස් ගජ මිතුරන්ට විකුණා දැමීමේ මේ මහා ජාවාරම්කාර ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන මොහොතක අපි පැහැදිලිවම කියනවා මේ රජයක් තුළ දේශීය සම්පත් සුරකිමින් රට සෞභාග්‍යය කරා ගෙන යන ගමනකට සමගි ජනබල වේගය අපි සූදානම් කියන එක මම මේ අවස්ථාවේ දී ප්‍රකාශ කරනවා.

දැන් අපූරුම ක්‍රියාදාමයක් එක්තරා කල්ලියක් ක්‍රියාත්මක කරනවා. ඒ අපූරු ක්‍රියාදාමය තමයි මාස කිහිපයක ලියාපදිංචිය තුළ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතය 23.9%, වැඩිම ඡන්ද ප්‍රමාණය ලක්ෂ 27 කට වැඩියි , මන්ත්‍රී සංඛ්‍යාව මන්ත්‍රී ආසන 54 කට වැඩියි. මහා දැවැන්ත පෙරළිය කරපු අපේ මේ අලූත්ම පක්ෂය විවිධ කූඨ කුමන්ත්‍රණ තුළ විශේෂයෙන්ම මාධ්‍ය කියන වචනය පාවිච්චි කරන්න මම කැමති නෑ. මොකද ඒක මාධ්‍යයට කරන නිග්‍රහයක්. විවිධ කණ්ඩායම් හදනවා, විවිධ මත හදලා, වැරදි දේවල් ජනගත කරන්න . දැන් කණ්ඩායම් ගණනාවක් පරස්පර මත තිබෙන ඒ අය හදනවා කතාවක් අපි දන්නේ බෙදන්න විතරයිලු. සුභසාධනය විතරයිලු . මේ සහනයෙන්, බෙදීමෙන්, සුභසාධනයෙන් රටක් හදන්න බැරිලු. හැබැයි මිත්‍රවරුනේ කවුරුත් කතා කරන්නේ නෑ පහුගිය කාලේ ලොකු ලොක්කෝ ටික හොරාකාලා, ගසා කාලා බෙදාගත්ත ආකාරය. අමුඅමුවේ මහදවල් බැංකු හොරකම් කරලා මේ රටේ ජාතික දේපල, ජාතික සම්පත වනසපු ආකාරය. ඒ හොරකම අද මහ දවල් අමු අමුවේ මේ රාජපක්ෂ ආන්ඩුවේත් ක්‍රියාත්මක වෙනවා. ඒ හොරකමත් එකය. මේ හොර කමත් එකයි. මම කියනවා තමුන්නාන්සේලාට මේ රටේ නිහඬ බහුතරය රැක බලා ගැනීමේ රැක බලා ගැනීමේ වගකීමක් අපිට නැද්ද ? මම අහන්න කැමතියි වැඩ කරන ජනතාවට තමුන්නාන්සේලාගෙන් අපි බලන්න ඕනි හාම්පුතාලා දිහා පමණක්ද? පාලන අධිකාරිය දිහා පමණක්ද? පෝසතුන්… උග්‍ර පෝසතුන් දිහා පමණක්ද? නෑ මිත්‍රවරුනි, නිහඬ බහුතරයට සවන් දෙන්නට ඕනේ. මම එකක් කියන්න කැමතියි කවුරු මොන කටකතා හැදුවත් සමගි ජන බලවේගය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගමන, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් ඒ අය මොන ජගතෙකුටවත් වෙනස් කරන්න බැරි යැයි කියන එක මම මේ අවස්ථාවේ දී ප්‍රකාශ කරනවා.

මිත්‍රවරුනි, සමාජ ප්‍රජාත්‍රන්තවාදීකමේ වැදගත්කම අද බොහොම පැහැදිලි වෙලා තියෙනවා. එදා ජනාධිපතිවරණයේදී අපි කිව්වා සොඳුරු පාලනය , රට පාලනය මනුෂ්‍යත්වයට මුල්තැන දීම දුකට පිහිටවීම , මිනිස්සුන්ගේ දුකේදී මිනිස්සුත් එක්ක ඉඳීම, මිනිස්සුන්ට ශක්තිය ලබාදීම .. පාලකයෝ කැපකිරීම් කරලා පොදු ජනතාවගේ දෙපතුල ළඟට ගොස් ප්‍රසස්ථ, ප්‍රබුද්ධ සේවාවක් ඉෂ්ට කිරීම. ඔව් ජනාධිපතිවරණයේදී ඒක ප්‍රතික්ෂේප කරා. මහ මැතිවරණයෙන් ප්‍රතික්ෂේප කළා . දැන් මොකද රටේ ජනතාව? ජනතාවට අවශ්‍ය සංවේදී නායකත්වයක් නේද ? සොඳුරු නායකත්වයක් නේද . මනුෂ්‍යත්වය රජයන යුගයක් නේද? අද ක්‍රියාත්මක වෙන මේ තලලා පෙළලා, පොඩි කරල, කොටස් කරලා ,වෙන් කරල ජාතිභේදය ,ජාතිවාදය ආගම්බේදය, ආගම්වාදය අන්තවාදය දේශපාලන පළිගැනීම් මේ සියල්ලක්ම කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මක වෙන රාජ්‍ය පාලනය අසමත් රාජ්‍ය පාලනයක් කියන එක අද බොහෝ දෙනා පිළිගන්න තිබෙනවා. ඔක්කොටම වැඩිය පත්කරපු හැට නම ලක්ෂය පිළිඅරන් තිබෙනවා මේ න්‍යාය ෆේල් කියලා. න්‍යාය අසමත්. ඒ වැඩපිළිවෙළ අසාර්ථකයි . මං කැමතියි මහලොකුවට උගත් යැයි කියන ආර්ථික න්‍යායන් ඉදිරිපත් කරන ඒ බංකලොත් දේශපාලන න්‍යාය සුභසාධනය ප්‍රතික්ෂේප කරල පාලකයන්ට සුභසාධනය බෙදා හදා දෙන රටේ ජාතික දේපල, ජාතික සම්පත, බැංකු පද්ධතිය කඩා දමලා මූල්‍ය පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ කරල පාලකයින්ට ශක්තිය ලබා දෙන ඔය ඇත්තන්ට මම මතක් කරලා දෙන්න කැමති ජෝන්. එෆ්. කෙනඩි ජනාධිපතිතුමා විටෙක කියපු කතාවක්. ඒක වැදගත් ප්‍රකාශයක් . නිදහස් සමාජයකට ,දුප්පත් බහුතරයකට උදව් කරන්නට බැරිනම් , පොහොසතුන් සුළුතරයක් වන පොහොසතුන් ආරක්ෂා කරන්නට ඒ අයට හැකියාවක් නැහැ. දැන් බලන්න මිත්‍රවරුනි මෑතකදී ප්‍රකාශයට ප්‍රසිද්ධියට පළ කරපු වාර්තා දෙකක්. වාර්තාවක් ලෝකයේ පෝසතුන් ගැන . උග්‍ර පෝසතුන් ගැන. ඒ වගේම අපේ රටෙත් වාර්තාවක් පළ වුණාම පෝසතුන්ම කොට්ඨාසය ගැන. එක හා සමානයි. covid සමයේ ලෝකෙ උග්‍ර පෝසතුන් තවතවත් පෝසත් වුණා. අපේ රටෙත් එහෙමයි covid සමයේ අපේ රටේ කෝටි ප්‍රකෝටි පතියන්, ප්‍රධානීන් තව තවත් පෝසත් වුණා. ඒක කියන ගමන්ම oxfam වාර්තාවේ ඒ අර ලොකුම දහදෙනා පෝසත් උනාට ලෝකයේ අති මහත් බහුතරයක් දුගී භාවයේ පතුලටම ගිහිල්ලා කියලා oxfam වාර්තාව කියනවා. අපේ රටේත් මිත්‍රවරුනේ මේ covid සමයේ අපේ රටේ පෝසතුන් උග්‍ර පෝසතුන් බවට පත්වෙලා . රටේ අතිමහත් බහුතරය දුගී භාවයට පත්වෙලා. එදා වේල් තුන පිරිමහ ගන්නට බෑ. අද රාජ්‍ය සේවකයාගේ පඩිය ප්‍රමාණවත්ද පවුලේ ආහාර සහ ආහාර නොවන පවුලේ වියදම් නඩත්තු කරන්න .අද අම්මලට , දූ දරුවන්ට කිරි පිටි ටික නැහැ . ගෑස් පිපිරෙනවා . දියර පොහොර පිපිරෙනවා . කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ගොවිතැනේ නියැලෙන ජනතාවට මහා අභාග්‍යසම්පන්න යුගයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් බොරුවට කියනවා වන්දි දෙනවලු. අපි බලමු වන්දි දෙනවද නැද්ද කියලා. බොරුවට තමන්ට ජනතාව අතරට යන්නට පුංචි ඉඩක් හදා ගන්නට බොරුවක් කියනවා. දැන් තමුන්නාන්සේලා දැක්කනෙ පන්දාහේ දීමනා දෙනවයි කියලා හැම තැනකම ගහනවා රිවස් චක්‍රලේඛය. පන්දාහ දෙනවා නමුත් මේ අය අයිති නෑ . මේ කොට්ඨාසයට අයිති නෑ මේ යනාදී වශයෙන්. ගොවියටත් කරන්නේ මේ දේම තමයි . අද ගොවියා මාරාන්තික උපවාස වල නියැලී සිටිනවා. ආණ්ඩුවේ අමනෝඥ ක්‍රියාවලිය තුළ ලස්සන කඩාවැටීම කඩා වැටීම තුල නිෂ්පාදනය කඩා වැටීම තුල වන්දි ලබාදෙන තෙක් ගොවියා අද මහ පාරේ උද්ඝෝෂණ කරනවා. උපවාස කරනවා . ඛේදෙනිය තත්වයකට අපි මුහුණ දීලා . අපේ දූ දරුවන්ට විභාගවලට මුහුණ දෙන්න තියෙනවා. නමුත් විදුලි සැපයුම අඛණ්ඩව ලබා දෙන්නට බැරි සුරවීර ආණ්ඩුවක් මේක . අඛණ්ඩව විදුලි සැපයුම ලබා දෙන්නට බැරි ආණ්ඩුවක් . එහෙව් ආණ්ඩුවකට පුළුවන්ද මිත්‍රවරුනේ රට ගොඩනගන්න .රට ආරක්ෂා කරන්න. ඒ නිසා මම පැහැදිලිව එකක් කියන්න කැමතියි. මේ රට ගොඩ දමන්නට , මෙරට ශක්තිමත් කරන්නට ව්‍යවසායකත්වය තුළින් ආර්ථිකය ගොඩනගන වෙළඳපල වෙළඳපල ආර්ථිකය තුළින් දන උත්පාදනය කරන වැඩපිළිවෙළක් අපි වේගවත්ව ඉදිරියට ගෙන ගෙනයන්නට ඕනේ නූතන සංකල්ප හරහා. හැබැයි එය එසේ කරන අතරතුර මේ ජන සමාජයේ අසරණ වුණු කොට්ඨාසය නිහඬ බහුතරය කිසිදාක අමතක කරන්නට බැහැ .

අපි දැක්කා සමහරු අහනවා අපිට පුරුදු බෙදිල්ලයි කියලා. ඔව් අපි බෙදනවා. අපේ මන්ත්‍රීවරුන්ගේ, සංවිධායකවරුන්ගේ, සාමාජිකයින්ගේ දායකත්වය මත මම ආඩම්බරයෙන් කියනවා සමගි ජන බලවේගය නායකයා හැටියට මේ covid සමයේ රජයේ රෝහල් හතලිහකට ලක්ෂ 1150ක, මිලියන 115 ක අපි බෙදලා තියෙනවා. මොනවද අපි බෙදලා තියෙන්නේ? රෝහල් උපකරණ . multi para monitors , ventilators කියයි , kidney dialysis machine , highfor oxygen machine කියයි . ඔක්කොම ජීවිත ආරක්ෂිත රෝහල් උපකරණ . ඇයි ඒ? අපේ පැතුම ආයුබෝ වේවා මහරජාණෙනි නෙමෙයි. ආයු බොහෝ වේවා අපේ ආදරණීය ලක්වැසි ජනතාව නේ. ඒකයි අපේ පැතුම . එකයි අපේ ඉලක්කය .

අපි ආරම්භ කර තිබෙනවා අපේ තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්තිය හරහා ඌණ සම්පත් පාසල් තෝරගෙන තොරතුරු තාක්ෂණික මෙවලම් පරිගණක, උපකරණ, ප්‍රින්ටින් උපකරණ, smartboard සුහුරු අධ්‍යාපනය ක්‍රියාත්මක කිරීම සඳහා ඒ සුහුරු පැකේජයන් නූතන අධ්‍යාපනය ශක්තිමත් කරන්නට ලබාදෙන්න. අපි ඒ වැඩසටහන පටන් ගත්තේ රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමා නියෝජනය කරන දුෂ්කර මොනරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල බෝදාගම මහ විද්‍යාලය . දරුවෝ හය සියක් 700 ක් අතර ප්‍රමාණයක් අධ්‍යාපනය ලබනවා. දන්නවද තොරතුරු තාක්ෂණය ඉගැන්වීමේ තත්වය . ඒ ගුරුතුමිය තමන්ගේ ලැප්ටොප් එකෙන් තමයි ඒ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ තොරතුරු තාක්ෂණ විෂය ගැන. පරිගණක නෑ . බහුතරයක් කැඩිලා . නඩත්තුවක් නෑ . ගුරුතුමියගේ ලැප්ටොප් එකෙන් අධ්‍යාපනය ලබන්නේ . මේකද නිදහස් අධ්‍යාපනය . මේක ද සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමා ප්‍රාර්ථනා කරපු නිදහස් නිවහල් දියුණු අධ්‍යාපනය. අපි මොකක්ද කරන්නේ අපිට චෝදනා කරනවා අපි බෙදනවා කියලා . ඔව් අපි බෙදෙනවා. අපි ගිහිල්ලා බෙදනවා. මේ රටේ ඌණ සම්පත් පාසල් වලට . මේ ආණ්ඩුව නොදෙන smart board එක අපි දෙනවා. මේ ආණ්ඩුව නොදෙන පරිගණක යන්ත්‍ර අපි ලබා දෙනවා . ඒ මොකද මිත්‍රවරුනේ නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය ප්‍රතිලාභ රටේ හැම තැනකම ක්‍රියාත්මක වෙන්නට ඕනේ. එසේ නොවුණොත් ඒවායේ ඵල විපාක දෙනකොට අමතකයි. හැත්තෑ එකේ 88, 89 කැරලි , කොළඹට කිරි ගමට කැකිරි ප්‍රකාශය මතකද . දැන් බොහෝ දෙනකුට අමතකයි. ඒ නිසා හොඳට මතක තියාගන්න රටක් ගොඩ නැගෙන කොට එක්තරා භූගෝලීය ප්‍රදේශයකට කේන්ද්‍රගත කොට ගොඩනැගීම සෞභාග්‍යයෙන් වැඩක් වන්නේ නෑ. මේ සෞභාග්‍යය පළාත් නවයේම , දිස්ත්‍රික්ක 225ම, ප්‍රාලේ ,උප ප්‍රාලේ 342 ඒම ග්‍රාම නිලධාරි වසම් දාහතර දහස් විසි දෙකේම ,ඒ හැම එකකම ගම්මාන පනස්දාහට වැඩි ප්‍රමාණයක් මේ හැම තැනකටම මේ සෞභාග්‍ය යන්නට ඕනි. සෞභාග්‍යය තුළින් බෙදීමක් ඇති කරන්නට බෑ . සමාජ බෙදීමක් ඇති වෙන්නට බෑ . මුළු සමාජයම එකතු වෙන්නට ඕනේ. මේ දියුණුවේ ප්‍රතිලාභ හැමෝටම ලැබෙන්නට ඕනි. මේ smart board එක මේ අර ප්‍රභූ පාසල් කියන පාසල් කිහිපයකට පමණක් smart board දීලා හරියනවද? අපේ රටේ තියන දහදාහකට වැඩි පාසල් ප්‍රමාණයෙන් පුංචි ප්‍රමාණයකට සුහුරු අධ්‍යාපනය ක්‍රියාත්මක කළ හරියනවද ? එවන් අධ්‍යාපනයකින් වෙන්නේ කුමක්ද? තියෙන තැන හොඳයි. නැති තැන නැත්තටම නෑ . අන්න අධ්‍යාපන බෙදීම ඇතිවෙනවා.

රෝහල් පද්ධතියත් එහෙමයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බෙදීමක් ඇති වෙනව. දැන් අපි රටක් හැටියට බෙදුන ඇති . දුප්පත් කමෙන්, බෙදෙනවා විරැකියාවෙන් බෙදෙනවා, නැති බැරි කමින් බෙදෙනවා, ඇති හැකි කමින් බෙදෙනවා, මතක තියාගන්න 2016 කරපු සංගණනයේ සංඛ්‍යාලේඛන . ජාතික ආදායම ආදායමේ සියයට 50 කට වැඩි ප්‍රමාණයක් භුක්ති විඳින්නේ මේ රටේ පෝසතුන් 20% . දුප්පත්ම 20% විඳින්නේ 4.5% ක් යන වශයෙන් මං මේ කියන්නෙ . අනිවාර්යයෙන්ම මං දන්නවා හෙට දවසේ අනිවාර්යයෙන්ම fact check එකක් කරයි අර බොරු ලියන පත්තර කිහිපයක් . විශේෂයෙන්ම මන් තමුන්නාන්සේලාට කියන්නට ඕනේ ඒ බෙදීම අපි නතර කරන්නට ඕනි . ඉතිං අපි මේ බෙදීම වෙනස් කරන්නට ඕනේ. ඒ නිසාම මේ වෘත්තිය සමිති ව්‍යාපාරය තුළ අපේ තිබෙන්නේ ඉතාමත්ම සැදැහැවත් හැඟීමක් . අනිවාර්යෙන්ම දේශපාලන පලිගැනීම් වලට ලක් උන අයට පලවෙනි මාස 6 තුළ විසඳුම් දෙනවා දෙනවාමයි. තමුන්නාන්සේලා ඒ ප්‍රකාශයට අත්පුඩි ගැහුවත් එලිපිට අත්පොඩි ගැහිල්ලක් . මං හිතන්නේ හිතේ පොඩි සැකයක් තියෙනවා . හිතේ කුකුසක් තියෙනවා. ඒකට හේතුව කුමක්ද ? දැන් 94 ඉදලා කීපාරක් අත්පුඩි ගැහුවද ඕකට. ගහන ගහන අත් පොඩියට ප්‍රතිලාභ ලැබුනද? නැහ. මං කියන්නම් ඔබතුමන්ලාට ප්‍රකාශයට අත්පොඩි ගහන්නට හැකියාවක් තියෙනවා . ඇයි ඒ ? අපි ගොඩනගන රජය , අපි ගොඩනගන ආණ්ඩුව අච්චාරු ආණ්ඩුවක් නෙවෙයි . අපි ගොඩනගන ආණ්ඩුව කැඳහැළියක් නෙවෙයි . ඔබතුමාලට කියන්න කැමතියි ඔය එක එක නම් වලින් ආණ්ඩු බිහි කරන කොට ඇත්ත වශයෙන්ම වෙන්නේ අර කණ්ඩායමට ඇමතිකම් කීයද? මේ කණ්ඩායමට රාජ්‍ය ඇමති කම් කීයද ? මේ කණ්ඩායමට නියෝජ්‍ය ඇමැතිකම් කීයද ? අපි දන්නවනේ රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමා ප්‍රවාහන ක්ෂේත්‍රය එතුමා ඉවත්කළයින් පස්සේ මං ඒක කියන්න ඕනේ . එතුමාව ඉවත් කලායින් පස්සේ මේ අශෝක අබේසිංහ මැතිතුමා උපරිම උත්සාහයක් දැරුවා රාජ්‍යය ඇමතිතුමා හැටියට. මොකෝ කරන්න පුළුවන් උනාද ? මොකක් හින්දද, කැඳ හැලිය හින්දා .අච්චාරුව හින්දා. මම තමුන්නාන්සේලාට කියන්න කැමතියි මට වගකීමෙන් මේ වේදිකාවේ ඉඳලා පැහැදිලි පොරොන්දුවක් දෙන්න පුළුවන් 94 ඉඳලා දේශපාලන පළිගැනීම්වලට ලක් වුණු සියලු දෙනාටම ඇත්තටම ඒ තීන්දුව ලැබෙන තීරණාත්මක යුගය සමගි ජනබලවේගය ශක්තිමත් ආණ්ඩුවයි කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.

SendShareShare
Previous Post

තාත්තගේ ගිණුමෙන් සල්ලි නැතිවීමේ සිද්ධියට ගැන නාමලුත් පැටලෙයි! (VIDEO)

Next Post

ණය ගෙවාගන්න බෑ! සිය දිවි හානි කර ගැනීමට අවසර ඉල්ලා නීතීඥවරයෙක් ජනාධිපතිට ලියුමක් ලියයි! (VIDEO)

MORE NEWS

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අද වන විට බලතල ත්‍රිත්වයක් මත ගොඩනැගුණු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය තුළ විධායකය ක්‍රමානුකූලව බලය ශක්තිමත් කරමින් ව්‍යවස්ථාදායකයේ බලය පලුදු කරන්නටත් අධිකරණ...

Read more
සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.