දැනට පවතින තත්ත්වය අනුව ජූනි මස 20 දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සිය නීතිඥවරයා හරහා අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව කොරෝනා වෛරසයට අදාළව කටයුතු කරන සෞඛ්‍යය අංශ ඇතුළු බලධාරීන්ගෙන් සුබදායි නිර්දේශයක් ලැබුණොත් මහමැතිවරණය සති 9 ක් හා සති 11 ක් අතර කාලය තුළ පැවැත්විය හැකි බවද මහින්ද දේශප්‍රිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණයට දැනුම් දී සිටියේය.
මෙම දැනුම් දීමෙන් අනතුරුව පෙත්සමක් ඉදිරිපත් කර තිබූ නීතිඥ චරිත ගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා කියා සිටියේ තම සේවාදායකයා ඉල්ලා සිටින සහනය මේ වන විටත් හිමි වී ඇති නිසා එම පෙත්සම ඉදිරියට පවත්වාගෙන නොයන බවයි.










