• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මවට ලියුමක් ලියපු කතාව බොරුවක්! ගෙදරින් වයර් කෑලි හම්බවුණා කියපු කතාව බොරුවක්! ‘දිවයින’ වාර්තා කරයි! ෂාෆ්ටර් ඝාතනය ගැන මේ විදිහට බොරු ලියන්නේ කව්ද?

December 29, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ෂාෆ්ටර් ඝාතනයේ රහස් හෙළිවෙයි! ඝාතකයා විමර්ශන අංශත් නොමඟ යවලා! ළඟම හිටපු කෙනෙක් ගැන සැක මතුවෙයි!
Share on WhatsAppShare on Facebook

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය තවමත් අබිරහසක් බවත් මේ සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍යවල සහ සමාජ ජාලා වෙබ් අඩවිවල පළවන ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වනතුරුත් නිවැරදි තොරතුරු ලැබී නැති බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

ඇතැම් මාධ්‍ය වගකීම් රහිතව පළකරන ප්‍රවෘත්ති නිසා විමර්ශන කටයුතුවලට ද විශාල බාධාවක්වී ඇති අතර සමාජය තුළ වැරදි මතයක් ගොඩනැඟෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

දිනේෂ් ශාෆ්ටර් මහතා සිය දිවි හානිකරගත් බවට මාධ්‍යවල පළවූ වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමක දී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු කියා සිටියේ එසේ කළ බවට කිසිදු සාක්‍ෂියක් ලැබී නොමැති බවයි.

ඇතැම් මාධ්‍ය මගින් ප්‍රවෘත්ති නිර්මාණය කර ප්‍රචාරය කරන බවත් එය ඉතාම භයානක තත්ත්වයක් බවත් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය.

ශාෆ්ටර් මහතා සිය මවට ලියූ ලිපියක් හමුවූ බවට පළවූ ප්‍රවෘත්තිය ද අසත්‍ය බවත් ඒ මහතාගේ ගෙල සිරකර තිබූ වයරයට සමාන වයරයක කොටසක් නිවසින් හමුවූ බවට පළවූ වාර්තා ද සත්‍යයෙන් තොර බව ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (28 වැනිදා) වනවිට පුද්ගලයන් 90 දෙනෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

මෙම අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන අසත්‍ය ප්‍රචාරයන් සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදුකරන ඒවාද යන්න පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිය දැඩි අවධානය යොමුකර ඇත.

මේ අතර ජනශක්ති ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ අබිරහස් ඝාතනය පිළිබඳව විමර්ශන සිදුකරන රහස් පොලිස් නිලධාරීහු පොලිස්පති ඩබ්ලිව්. වික්‍රමරත්න මහතා සමඟ ඊයේ පුරා පැය දෙකක පමණ කාලයක් විශේෂ හමුවක් පැවැත්වූහ.

මෙම හමුව සඳහා රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගිවී තිබේ.

මෙම මිනීමැරුම පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය කරගැනීමට අසීරුවීම මඟහරවා ගැනීමට පොලිස්පතිවරයා රහස් පොලිස් කණ්ඩායමට උපදෙස් රැසක් ලබා දී ඇත.

මේ හැර දිනේෂ් ශාෆ්ටර් මහතා සිය වාහනය පදවාගෙන ගිය අයුරු දැක්වෙන ආරක්‍ෂක කැමරා පද්ධතිය වඩාත් විමර්ශනය කිරීමට පොලිස්පතිවරයා පියවර ගත්තේය.

මෙම අභිරහස් මිනීමැරුවේ සුලමුල අනාවරණය කරගැනීම සඳහා රහස් පොලිස් කණ්ඩායම් විමර්ශන කටයුතු නව මුහුණවරක් ඔස්සේ දැන් ක්‍රියාත්මක කර ඇත.

මේ හැර උපායදූතයන් රැසක්ම යොදාගෙන ඇත. මිනීමැරුම සිදුකළ ඝාතනයන්ට නීතියේ රැහැනින් මිදීයෑමට කිසිසේත් ඉඩ නොලැබෙන බව පොලිසිය කියයි.

හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන
– දිවයින

SendShareShare
Previous Post

සජිත් බස් එකක් දුන්නු පිළියන්දල ධර්මරාජ ඉස්කෝලේ මේ අවුරුද්දේ ප්‍රවාහන වියදම විතරක් ලක්ෂ 20ක්!

Next Post

අරගලයේ හිටපු ඩිලාන්ට ගෙදරට ඇවිත් පිහියෙන් ඇනපු සිද්ධිය ගෑනු හුටපටයක් මත්ද්‍රව්‍ය හුටපටයක් කියලා පෙන්නපු මාධ්‍යට සහ උදේට පත්තර කියවන්නන්ට ඩිලාන්-රැට්ටා ඇවිත් පහර දෙයි! අපි බලන් ඉමු ඇත්ත නැත්ත මොකද්ද කියලා! (VIDEO)

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.