යහපාලන ආණ්ඩුව විනාශ කළ ප්රධාන කණ්ඩායම් දෙකටම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියම ෂොට් එකක් ලබා දී ඇති බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී එස්. එම්. මරික්කාර් මහතා අවධාරණය කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ යහපාලන ආණ්ඩුවට රිංගා ගත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම සහ එජාපයේ ටයිකෝට්කාර හොරු කණ්ඩායම එම රජය විනාශ කළ බවත්, ඒ සියල්ලන්ටම අද එජාප පාක්ෂිකයන්ගේ සාපය වැදී ඇති බවත්ය.










