මාකදුරේ මධූෂ්ගෙන් පසු ඩුබායිහි සිට ලංකාවේ පාතාලය රජ කරගෙන සිටි හරක් කටා නොහොත් නදුන් චින්තක අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පසුගිය මාස 2 තුළ ලංකාවේ ඝාතන රැසක්ම කුලී ඝාතකයන් යොදවා මොහු විසින් සිදු කළ ඒවා බව දැනගන්නට ඇත.
මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ ජාත්‍යන්තර පොලිසිය එක්ව කළ මෙහෙයුමක ප්‍රතිපලයක් ලෙස මොහු අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.
සිය බිරිය සමග මලයාසියාවට ගමන් කිරීමට යාමේදී මෙසේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව දැනගන්නට තිබේ.










